සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජේ.ආර් – රනිල් – මහින්ද කරපු එක – රජරටට හරිනි කළ එක ගැනයි දුක…

රජරට විශ්වවිද්‍යාලයේ උප කුලපති කෙළිය රටට කියන්නේ සියවස් සිහිනය බොඳවන ලකුණු ද?

by editor
ජනවාරි 19, 2025
in පුවත්
Rajarata-University
Share on FacebookShare on Twitter

ජානක ලියනආරච්චි –

දකිමින් ඇති  බොහෝ දේ සාධනීය බලාපොරොත්තු උපදවමින් නැත. තැන තැන පෙනෙන්නේ අප මහා බලාපොරොත්තු සහගතව අපේක්ෂා කළ සුසමාදර්ශ නොවේ. රට ඉල්ලූ විදග්ධ පරිවර්තනය පිළිබඳව විචිකිච්ඡාවක් රට තුළින්ම මතුවෙමින් තිබේ. හැදෙන ගහ දෙපෙත්තෙන් දැනෙන බව පශ්චාත්භාගයේ කහඹිලියා පැලය ගෑවුන නරියා කී කතාව මෙයමදැයි සිතේ.

සරසවි පද්ධතියට කෙරෙන දේශපාලන බලපෑම් සම්බන්ධව දැඩිව විවේචනය කරමින් ඊට සක්‍රීය විරෝධය දැක්වූ දේශපාලන ඉතිහාසය ඇත්තේ මාලිමාවටය. විවෘත විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයා පත් කිරීමේ දී විශ්විද්‍යාලයේ අනුගමනය කරන ක්‍රමවේදයෙන් තොරා යැවූ නම් තුන වෙනුවට එවකට හිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් වෙනත් පුද්ගලයෙක් එම ධූරයට පත් කළ අවස්ථාවේ ඊට එරෙහි දේශපාලන ව්‍යාපෘතියේ පුරෝමීයා වූයේ ආචාර්ය හරිනී අමරසූරිය නැමැති එවකට මන්ත්‍රී ධූර තුනක් සහිත මාලිමාවේ මන්ත්‍රීවරිය ය. සරසවි පද්ධතියේ ස්වාධීනත්වය වෙනුවෙන් ඇය ප්‍රමුඛ ප්‍රගතිශීලී දේශපාලනය දියත් කළ ව්‍යාපෘතිය රටේ විධායක ජනාධිපතිවරයාගේ තීරණය ආපසු හැරෙව්වේය.

ඒ ආචාර්ය හරිනී අමරසූරිය අද රටේ අග්‍රාමාත්‍යවරිය ය. ඇය අග්‍රාමාත්‍යවරිය පමණක් නොව අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරිය ය. සිය ධූරයේ වැඩ භාරගත් මුල්ම අවස්ථාවේ දී ඇය කරන්නෙත් දේශපාලනයෙන් සරසවි පද්ධතිය මුදවා ගැනීම වෙනුවෙන් රාජපක්ෂ ආණ්ඩුවේ දේශපාලන බැලකමේ සාධකයක් බව කියැවුන රුහුණු විශ්වවිද්‍යාලයේ උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන එම තනතුරින් ඉවත් කිරීමය. එහෙත් ඛේදවාචකය වන්නේ ඒ ආචාර්ය හරිනී අමරසූරිය නැමැති අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමතිවරියගේ විෂය ක්ෂේත්‍රයට අදාල රජරට විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තර නෛතික ක්‍රමවේදය තුළ නිශ්ඡිත පටිපාටිය පවත්වා ගනිමින් උපකුලපති ධූරය සඳහා නම් කළ විද්වතුන් තිදෙනාගේ නම් තුනම ප්‍රතික්ෂේප කිරීමය. එහි අවසානය වන්නේ ජනාධිපතිවරයාගේ අභිමතය මත උප කුලපතිවරයෙක් පත් කිරීම බව මේ වනවිට පෙනී ගොස් තිබේ.

උපකුලපතිවරයෙක් පත් කිරීම

සාමාන්‍ය ක්‍රමවේදය තුළ උපකුලපතිවරයෙක් විශ්වවිද්‍යාලයකට පත් වන්නේ වසර තුනකට වරකි. එය සිදුකරන්නේ 1978 අංක 16 දරණ විශ්විද්‍යාල පනතේ තිස් හතර වැනි වගන්තියේ සංශෝධනවලට යටත්ව 2023 අප්‍රේල් 10 විශ්විද්‍යාල චක්‍රලේක 3/2023 විධිවිධානවලට අනුවය.

පූර්වයේ උපකුලපතිවරයා පත් කරනු ලැබුවේ විශ්වවිද්‍යාල පාලක සභාව රැස්කර නාමයෝජනා ඉදිරිපත් කළ ආචාර්යවරුන් අතරින් තුන් දෙනෙක් ඡන්දයෙන් තෝරා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අනුමැතිය මත ජනාධිපතිවරයා වෙත යොමු කිරීමෙනි. මේ නම් තුනෙන් එක් නමක් ජනාධිපතිවරයා විසින් නම් කරනු ලබයි. උප කුලපතිවරයා ලෙස පත්වන්නේ මේ තේරීමය.

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

එහෙත් ඒ ක්‍රමය වෙනුවට ඊට වඩා සාධනීය ක්‍රමවේදයක් සරසවි පද්ධතියේ උප කුලපතිවරු තෝරා ගැනීමට පසුව හඳුන්වා දී තිබිණි. ඒ ක්‍රමය තුළ උපකුලපති ධූරය සඳහා ඉදිරිපත්වන සරසවියේ මහාචාර්යවරු සිය අයදුම්පත්‍රය සමග විනාඩි 15ක කාලයක ඇගැයීම් ක්‍රියාවලියකට ලක් කරනු ලබයි. අංශ හතක් ඔස්සේ ඇගයීමක් සිදුකර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ ස්වාධීන නිරීක්ෂකයෙක් ඉදිරිපිට මෙම අයදුම්කරුවන් සඳහා ලකුණු දීමේ ක්‍රියාවලිය සිදුකරයි. අනතුරුව අපේක්ෂකයින් ලකුණු ලබා ගත් පිළිවෙළ අනුව මෙම ස්වාධීන නිරීක්ෂකයාගේ වාර්තාව ද සමග අවසන් ප්‍රතිඵලය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අනුමැතියට ඉදිරිපත් කරයි. එම වාර්තාව අමාත්‍යවරයාගේ හෝ අමාත්‍යවරියගේ නිර්දේශ සහිතව ජනාධිපතිවරයා වෙත යවනු ලබයි. ජනාධිපතිවරයා එම ඉදිරිපත් වූ නම් තුනෙන් එකක් තෝරා නිර්දේශ කර එවයි. උපකුලපති ධූරයට පත් වන්නේ ඒ තැනැත්තාය.

මේ ක්‍රමවේදය අනුගමනය කරමින් රජරට විශ්විද්‍යාලයේ උපකුලපති තෝරා ගැනීමේ ක්‍රියාවලිය පවත්වා 2024 අගෝස්තු 22 ධූරය සඳහා තෝරාගත් නම් 03 විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙත යොමුකර තිබිණි. කෘෂිකර්ම පීඨයේ මහාචාර්ය ජී. ඒ. එස්. ගිනිගද්දර, සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨයේ ආචාර්ය පී. එස්. කේ. රාජපක්ෂ සහ කළමනාකාර අධ්‍යයන පීඨයේ මහාචාර්ය පර්සි විජේවර්ධන එම විද්වත්හු වූහ. මෙම ධූරය සඳහා අයදුම්පත් කැඳවන්නේ රජරට විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරිය වූ මහාචාර්ය ජී. ඒ. එස්. ගිනිගද්දර ගේ සේවාකාලය 24/12/12 අවසන්වන බැවිනි.

UGC හැසිරීම

එහෙත් සිදුවූයේ මේ තිදෙනාගෙන් එක් අයෙක් පත් කිරීම වෙනුවට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් දෙසැම්බර් 13 වැනිදා රජරට සරසවියේ වැඩ බලන උපකුලපති ලෙස වෛද්‍ය හා සමාන්තර විද්‍යාපීඨයේ පීඨාධිපතිවරයා විශ්වවිද්‍යාලයේ වැඩ බලන උපකුලපති ලෙස පත් කිරීමය. ඊට සති දෙකකට පසු පත්වී සිටි විශ්වවිද්‍යාල පාලක සභාවේ කාලය වසරක් ඉදිරියට තිබෙද්දී එම කවුන්සිලය විසුරුවා හැර නව පාලක සභා සාමාජිකයින් පිරිසක් පත් කිරීමය. අනතුරුව නිශ්චිත ක්‍රමවේදයක් තුළ නම් කර එවූ උපකුලපති ධූරය සඳහා ඉදිරිපත්වූ අපේක්ෂකයින් තුන් දෙනාගේ නම් අවලංගු කිරීමය. ධූරය සඳහා අලුත් නම් තුනක් එවන ලෙස දැන් උපදෙස් දී තිබේ.

රජයේ මෙම තීන්දුවට එක් හේතුවක් වන්නේ රජරට විශ්විද්‍යාලයේ ආචාර්ය සංගමය මෙම තෝරාගැනීමට විරෝධය පළ කිරීමය. රජරට විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ තම සරසවියේ ආචාර්යවරයෙක්ව සිට මාලිමා දේශපාලනයේ බලවතෙක් වී පාර්ලිමේන්තුවට තේරී පත් වූ එක්තරා කථිකාචාර්යවරයෙකුගේ නිහීන බලපෑම ද මේ ස්වාධීන ක්‍රියාවලියට බලපෑම් කළ ආකාරයය.

රජරට විශ්වවිද්‍යාල පාලක සභාව පසෙකින් තැබුව ද මේ ඇගයීම් ක්‍රියාවලිය සිදුවන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ ද ස්වාධීන නිරීක්ෂණ සහිතවය. එම නිරීක්ෂණය කළ විද්වතා අවස්ථා දෙකක දී සරසවියක උප කුලපති ධූරය දැරූ ප්‍රශස්ත චරිතයකි. අඩුම තරමින් විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිසම තමන් යොමු කළ විශේෂ විද්වතාගේ නිර්දේශය පිළිබඳ විශ්වාස කළ යුතුව තිබිණි. එමෙන්ම රජරට විශ්වවිද්‍යාලයේ පාලක සභා සාමාජිකයෙක් ලෙස පේරාදෙණිය සරසවියේ පාලක සභාව නියෝජනය කර පරිචයක් සහිත මහාචාර්යවරයෙක් ද වූයේය. ඉතාම වැදගත් කාරණාව වන්නේ මෙවර උප කුලපති ධූරය සඳහා රජරට විශ්වවිද්‍යාලය ලංකාවේ සරසවි අතර සිවු වන ස්ථානයට ඔසවා තැබූ හිටපු උපකුලපති මහාචාර්ය ජී. ඒ. එස්. ගිනිගද්දර ද සිටීමය.

දේශපාලන උවමනාවක් ද?

දැන් මෙම විද්වතුන් තිදෙනා හැර උප කුලපති ධූරයට නම් කළ හැකි විශේෂ කැපී පෙනෙන චරිතයක් රජරට විශ්වවිද්‍යාලයෙන් තෝරා ගැනීමට නොහැකි තත්ත්වය පවතී. රට ප්‍රතික්ෂේප කළ තුච්ච දේශපාලනයේ සෙවනැලි ආණ්ඩුවේ මෙම හැසිරීම තුළ පවතින්නේ දැයි යන සැකයත් සමග මෙම ක්‍රියාවලිය සමාජයේ විද්වත් ප්‍රජාව තුළ බරපතල ප්‍රශ්න කිරීමකට ලක් වෙමින් ඇත්තේ එබැවිනි. රජරට විශ්වවිද්‍යාලයේ හිටපු ආචාර්යවරුන් 03ක් සහ හිටපු ශිෂ්‍යයෙක් මෙවර පාර්ලිමේන්තුවේය. මේ අතර විදග්ධ මහාචාර්යවරයෙක් ලෙස රටේත් සරසවිය තුළත් සම්භාවනාවට පත් හිටපු පීඨාධිපතිවරයෙක් ද වේ. ඔහු ජනාධිපතිවරයාට ලිඛිතව දන්වා තිබුණේ මෙවැනි ක්‍රියාවලියකින් සරසවි පාලන ක්ෂේත්‍රයට අත නොතබන ලෙසය. රජරට විශ්වවිද්‍යාල ලංකාව තුළ ශ්‍රේණිගතකිරීම්හි 10 වැනි ස්ථානයේ සිට ස්වකීය ධූර කාලය තුළ සිවුවන තැනට ඔසවා තැබූ හිටපු උපකුලපතිනිය මෙවරත් උපකුලපති ධූරය වෙනුවෙන් ඉදිරිපත් වී ඇති බැවින් ද ඇය මෙම ඇගැයීම් ක්‍රියාවලිය තුළ ප්‍රමුඛ ස්ථානයේ පසුවන බැවින් ද එම ධූරය ඇය වෙත පිරිනැමීම වඩාත් විද්‍යානුකූල ස්වාධීන හා ප්‍රශස්ථ ක්‍රමවේදය බවය.

එහෙත් කුමණ හෝ හේතුවක් නිසා එම සාධනීය ඉල්ලීම් ඉවතට විසිවී දේශපාලන ක්‍රියාවලියක් වෙත ආණ්ඩුව නැඹුරු වෙමින් ඇති ආකාරය දකිමින් හිඳිමු. ජාතික ජන බලවේග ආණ්ඩුව පත් වන්නේ ජේ.ආර්. ජයවර්ධන සිද්ධ කළ, මහින්ද රාජපක්ෂ සිද්ධ කළ, රනිල් වික්‍රමසිංහ සිද්ධ කිරීමට ගිය කුපාඩි අපරාධ යළි පුනරුච්ඡාරණය කරන්නට නොවේ. අප මවිතයට පත් වන්නේ ඒ බිහිසුණු යථාර්ථය මේ ආණ්ඩුවට නොපෙනී යෑමය. කළ යුතු වැඩ අටෝ රාසියක් ඉතිරිව ඇත. ලබා දුන් පොරොන්දු නහුතයකි. එසේ තිබිය දී සරසවියක් තුළ ශිෂ්‍ය සංගම් ආකාරයේ දේශපාලනයක් කිරීම සඳහා සරසවි පාලක සභා ඇතුළු සරසවි පරිපාලන දේහය තුළට ඇතුළුවීමට ආණ්ඩුව උත්සාහ කරන්නේ නම් ඒ අපරාධයට සමාජයෙන් උත්තර ලැබිය හැකි ආකාරය සම්බන්ධව අප තුළ ඇත්තේ තිගැස්මකි.

කිව යුත්තේ මේ අදාල පන්නයේ මුල්ම සිද්ධිය නොවන බවය. මේ වනවිට ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සොහොන් ලකුණු අඳින්නේත් උද්ච්ඡ දේශපාලන ඇඟිලි ගැසීම්වල ප්‍රතිඵල ලෙසින් බව කිව යුතුව ඇත.  තවත් සමාජයට දැනෙන සිදුවීම්වල  නිවැරදි නොවන හැසිරීම් මේ වනවිට ප්‍රකාශ වෙමින් ඇති සමූපකාර ඡන්ද ප්‍රතිඵලයෙන් සන්නිවේදනය වෙමින් ඇති ආකාරය අප තුළ උපදවන්නේ වේදනාවකි. අප දැන් මේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ සියවස් ගණනක අප දුටු සිහින ගංජා ගසා දකින හීනයක ආතල් එකට දෙවැනි නොකරන ලෙස පමණි.  ( ඉරිදා මව්බිම )

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මත්ද්‍රව්‍ය ජාවාරමෙකුට අයත්ව තිබී රට තුළින් සොයා ගත් වැඩිම මුදලේ සුල මුල හෙළි වේ….

Next Post

මන්නාරම අධිකරණයේ ඝාතකයින් සොයා ගන්නට පොලිසිය ජනතා සහාය ඉල්ලයි!

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.