බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මත්ද්‍රව්‍ය ජාවාරමෙකුට අයත්ව තිබී රට තුළින් සොයා ගත් වැඩිම මුදලේ සුල මුල හෙළි වේ….

by editor
ජනවාරි 18, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සතුව තිබී ඊයේ (17) සොයාගත් රුපියල් කෝටි 28ක මුදල හරක් කටාගේ ප්‍රධානතම ගෝලයෙක් වන විදේශගතව සැඟව සිටින රන් මල්ලි නම් අපරාධකරු මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් බවට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් මේ වනවිට අනාවරණ කරගෙන තිබේ.

පොලිසිය පැවසුවේ මැඩගස්කරයේ මැණික් මිලදී ගෙන එම මුදල් සුදුකිරීමට සැකකරු සූදානම්ව සිට ඇති බවය.

ඉතිහාසයේ මෙතෙක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුයකු සතු වූ වැඩිම මුදල පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ මහනුවර උප ඒකකයේ නිලධාරීන් විසින් කුරුණෑගල ප්‍රදේශයේ නිවසකින් සොයාගනු ලැබීය.

එම මුදල රුපියල් කෝටි 28ක් වූ අතර එහිදී සැකකරුවකු ද අත්අඩංගුවට ගත්තේය.

සැකකරු සතුව තිබී මැණික් ගල්වලට සමාන පාෂාණ තොගයක් ද විමර්ශන නිලධාරීන් සොයාගත් අතර ඔහුව අධිකරණයට ඉදිරිපත් කර දින 7ක රැඳවුම් නියෝග ලබා ගනු ලැබීය.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් මේ වනවිට තොරතුරු රැසක් අනාවරණ කරගෙන තිබේ.

සැකකරු එහිදී පවසා ඇත්තේ, අදාළ මුදල් හරක් කටා නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ප්‍රධානතම ගෝලයෙකු වන විදෙස්ගතව සැඟව සිටින රන් මල්ලී නැමැත්තාට අයත් බවය.

හරක් කටා අත්අඩංගුවට පත්වීමෙන් පසුව මේ වන විට දකුණේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන ප්‍රධානතම පුද්ගලයන් අතුරින් අයෙක්වන්නේ රන් මල්ලී නැමැත්තා බව වාර්තා වේ.

ඒ අනුව අත්අඩංගුවට පත් වූ පුද්ගලයා රන් මල්ලිගේ උපදෙස් මත රුපියල් ලක්ෂ 3කට අධික මුදලක් වැයකර කුරුණෑගල පිහිටි නිවසට සේප්පුවක් ද මිලදීගෙන තිබේ.

සැකකරු දික්වැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර පාසල් වියෙහි සිට රන් මල්ලි නැමැත්තාගේ මිතුරෙකි.

ඒ අනුව රන් මල්ලි අදාළ පුද්ගලයා අමතා තමන්ගේ මුදල් ළඟ තබාගැනීමට හැකියවක් පවතිනවා ද යන්න පිළිබඳව විමසා තිබේ.

ඊට එකඟවී ඇති අදාළ පුද්ගලයා පසුව රන් මල්ලිගේ උපදෙස් මත කඩවත හා කොළඹ ප්‍රදේශවලින් ලැබෙන රුපියල් කෝටි ගණනක මුදල් තමන් සතුව තබාගෙන පසුව රන් මල්ලි පවසන අවස්ථාවලදී වෙනත් පුද්ගලයන්ට ලබා ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

තමන්ට නොයක් පුද්ගලයන්ගෙන් රන් මල්ලීගේ උපදෙස් මත විවිධ පාර්සල් ලැබෙන බවත්, ඒවායේ කුමක් තිබෙනවාද කියා පරීක්ෂා නොකර විවිධ පුද්ගලයන්ට ලබාදීම සිදුකරන බවත් සැකකරු විමර්ශන නිලධාරීන් හමුවේ පවසා ඇත.

ඇතැම් අවස්ථාවලදී රන් මල්ලි සිය ජංගම දුරකතනයට එවන ස්ථානවලට ගොස් මුදල් හා පාර්සල් තබා එන බවද සැකකරු පවසා තිබේ.

ඔහුගේ උපදෙස් මත සැකකරු වෑන් රථයක් හා කැබ් රථයක් රුපියල් කෝටි 3කට අධික මුදලක් වියදමී කර මිලදී ගත් බවත් රන් මල්ලිගේ උපදෙස් මත මැණික් ව්‍යාපාරිකයෙකු ලෙස මෙරට තුළ ලියාපදිංචි වී ඇති බවත් පොලීසිය පැවසීය.

ඒ සම්බන්ධයෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී සැකකරු පවසා ඇත්තේ, රන් මල්ලි තමන්ට ලබාදුන් උපදෙස් මත ඔහුගේ මුදල්වලින් මෙරටින් මැණික් ගල් රැගෙන මැඩගස්කරය බලාගොස් ඒවා එරට තුළ අලෙවි කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සූදානමින් සිටි බවය.

සැකකරු අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ඔහු සතුව මෙපමණ මුදලක් තිබෙන බවට ඔහුගේ බිරිය ද දැන සිට නොමැති බවද වාර්තා වේ.

එමෙන්ම ඔහුව අත්අඩංගුවට ගැනීමෙන් පසුව ද රන් මල්ලී නැමැත්තා දුරකතන ඇමතුම් කිහිපයක් ලබාගෙන ඇති බව ද වාර්තා වේ.

සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් සිදුකරනු ලබයි. (දෙරණ) 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලබන සති දෙක ඇතුළේ ආන්දෝලනයට තුඩු දුන් නඩු කීපයකට අදාල අධි චෝදනා…   නීතිපති දෙපාර්තමේන්තුව කියයි!

Next Post

ජේ.ආර් – රනිල් – මහින්ද කරපු එක – රජරටට හරිනි කළ එක ගැනයි දුක…

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.