දිනසේන රතුගමගේ –
මන්නාරම අධිකරණය ඉදිරිපිටදී පුද්ගලයින් දෙදෙනෙක් වෙඩි තබා ඝාතනය කළ සිද්ධියට සම්බන්ධ ඝාතන සැකකරුවන් දෙදෙනා පොලීසිය විසින් හඳුණා ගෙන ඇති අතර ඔවුන්ව අත් අඩංගුවට ගැනීමට සහය වන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කොට තිබේ.
එම සැකකරුවන් දෙදෙනාගේ රේඛා සිතුවම් දෙකක්ද මේ වන විට පොලිසිය ජනමාධ්‍ය වෙත නිකුත් කොට ඇත.
මේ අතර එම සකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් මේ වන විට රතු නිවේදන නිකුත් කොට ඇති බවද පොලිස් මුලස්ථානය නිවේදනය කොට තිබේ.
මෙම සැකකරුවන් අත් අඩංගුවට ගැනීම පිණිස විශේෂ පොලිස් කණ්ඩායම් හතරක් යොදවා සිටින අතර වෙනත් ආරක්ෂක අංශ වල බුද්ධි අංශද යොදවා සිටිති.
කෙසේ වෙතත් මෙම සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් ළඟම පිහිටි පොලිස් ස්ථානයට හෝ මන්නාරම මූලස්ථාන පොලිසියේ 0718591363 අංක දරණ දුරකථනයට හෝ මන්නාරම පොලිස් ස්ථානයේ 0232223224 යන දුරකතන අංකයට අමතන ලෙස දැනුම් දී ඇත







