ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ ඇත. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ ආචාර්ය එස්. ජෙයශංකර් අද ( 2024 ඔක්තෝබර් 04) දින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ ශ්‍රී ලංකා නායකත්වය හමුවීමට නියමිත බවයි.
ඉන්දියාවේ අසල්වැසි පළමු ප්‍රතිපත්තිය සහ සාගර් ඉදිරි දැක්මට අනුකූලව, අන්‍යෝන්‍ය ප්රතිලාභ සඳහා දිගුකාලීන හවුල්කාරිත්වය තවදුරටත් ගැඹුරු කිරීමට දෙරටේ හවුල් කැපවීම මෙම සංචාරය මගින් අවධාරණය කරන බව ඉන්දීය මාධ්‍ය කියයි.
ආචාර්ය සුබ්‍රමනියම් ජෙයශංකර් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අගමැති ආචාර්ය හරිනි අමරසූරිය හමුවීමට නියමිත බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු දූත පිරිස විදේශ කටයුතු අමාත්‍යාංශයේදී විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා හමුවීමට ද නියමිතය.
ජෙයශංකර් අමාත්‍යවරයා සමඟ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද මෙම සංචාරයට එක්වීමට නියමිතයි.







