ලබන ජූලි 14 වැනි දා තෙක් පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දුව අත් අඩංගුවට නොගන්නා බව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරමින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට නොගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබිණි.
එම පෙත්සම අද ශ්‍රේෂ්ඨාධිකරණයේ දී කැඳවූ අවස්ථාවේ දී නීතිපතිවරයා විසින් මේ බව දැනුම් දුන්නේය.