සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජාවාරම් කරුවන් ගේම අත්හැර නෑ… හෘද රෝගීන්ට දෙන රුපියල් 350ක එන්නතක් රුපියල් 76,500කට ආණ්ඩුවට විකිණූ තුප්පහි ජාවාරමේ කතාව…

by editor
මාර්තු 23, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ජාත්‍යාන්තර වෙළෙඳපලේ රුපියල් 300 සිට 350 මිලක පවතින, හෘද රෝගීන්ට අත්‍යාවශ්‍ය ඖෂධයක්වන පැපවෙරීන් හයිඩ්‍රොක්ලෝරයිඩ් ඖෂධය සඳහා ශ්‍රී ලංකාවේ ලියාපදිංචි එකම දේශීය සැපයුම්කාර නියෝජිතයාවන Yaden International (Pvt) Ltd ආයතනය සිවුවන වරටත් මිලි ග්‍රෑම් 60ක් ස්කන්ධය සහිත මිලි ලීටර 2 එන්නත් කැප්සියුලයක් සඳහා රු 50000කට ආසන්න මිලක් සහිතව ලංසුවක් ඉදිරිපත් කර ඇති බව සන්ඩේටයිම්ස් වාර්තාවක් සඳහන් කරයි.

මෙම එන්නත් කැප්සියුල් 10ක් ඉන්දියාවේ ප්‍රතිමිතිගත ඖෂධ නිශ්පාදනයන් වශයෙන් ඉන්දියානු රුපියල් 75කට මිලදී ගත හැකිව ඇති බව හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් පෙන්වා දී තිබිණි. විශේෂත්වය වන්නේ    Yaden International සමාගම   මෙම අසීමාන්තික මිල ගණන් ඉදිරිපත් කර තිබුණේ ඉන්දියාවේම සමාගමක්වන  Mercury Laboratories Ltd සමාගමේ නිශ්පාදිත එන්නත් කැප්සියුලයක් වෙනුවෙනි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික ඇගයීම් කමිටුව විසින් අධික මිල ගණන් ඉදිරිපත් කිරීම නිසා පසුගිය වසරේ සිට  ලන්සු තුනක් ප්‍රතික්ෂේප කිරීමෙන් පසු, Yaden International (Pvt) Ltd   සිවුවන වරට   සිය ලන්සුව ලෙස  කැප්සියුලයක් සඳහා රුපියල් 50000කට ආසන්න මිලක් ඉදිරිපත් කර ඇත.

හෙණ ගහන ඖෂධ ජාවාරමේ කතාව

පැපවෙරීන් හයිඩ්‍රොක්ලෝරයිඩ් එන්නත් කුප්පියක් පුද්ගලික අංශයෙන් මිලදී ගැනීමේ දී රුපියල් 300ක මිලක් වැය වන්නේ නැත. එවැනි තත්ත්වයක් තුළ ලියාපදිංචි එකම සැපයුම් කරුවා වශයෙන් Yaden International (Pvt) Ltd ආයතනය 2018 සිට රජයට එන්නත් කුප්පියක් රුපියල් 34,000 සිට රුපියල් 76,500 දක්වා මිලකට අලෙවි කර තිබිණි. මේ අපරාධය හෙළි කර සැබෑ මිල සලකුණු කරන්නේ පසුගිය වසරේ දී අමාත්‍යාංශ ඇගයීම් කමිටුවේ සිටි විශේෂඥ හෘද උරස් ශල්‍ය වෛද්‍යවරයෙකු විසිනි. ඒ වනතුරු මේ සාහසික කොල්ලකාරී ප්‍රසම්පාදනය අඛණ්ඩව පැවතුනි.

මේ මිල සලකුණු කිරීමෙන් පසු අවස්ථා හතරක දී Yaden International (Pvt) Ltd ආයතනය පැපවෙරීන් හයිඩ්‍රොක්ලෝරයිඩ් ඖෂධයේ මිලි ග්‍රෑම් 60ක් ස්කන්ධය සහිත මිලි ලීටර 2 එන්නත් කැප්සියුල 1800ක් මිල දී ගැනීම සඳහා මිල ගණන් ඉදිරිපත් කළේය. ඒ අනුව පසුගිය වසරේ මුල ආයතනය එක් එන්නත් කුප්පියක් වෙනුවෙන් රුපියල් 73000 ක මිලක් ඉදිරිපත් කළේය. ඖෂධ අමාත්‍යාංශයේ තාක්ෂණික ඇගයීම් කමිටුව මෙම මිල ගණන් ප්‍රතික්ෂේප කර නැවත ටෙන්ඩරය ඉදිරිපත් කිරීමට Yaden International (Pvt) Ltd ආයතනයට නියම කළේය.

RelatedPosts

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

අනතුරුව පසුගිය වසරේ මැයි මස ඔවුන් සිය දෙවැනි ටෙන්ඩරය ඉදිරිපත් කළේය. එහි දී මිල ගණන් ඉදිරිපත් වන්නේ එක් කැප්සියුලයක් සඳහා රුපියල් 48,199කි. මෙම ඩෙන්ඩරය ද අමාත්‍යාංශ තාක්ෂණික ඇගයීම් කමිටුව විසින් ප්‍රතික්ෂේප කෙරනි.

Yaden International (Pvt) Ltd ආයතන සිය තුන්වන ටෙන්ඩරය ඉදිරිපත් කරන්නේ එක් කැප්සියුලයක් සඳහා රුපියල් 50,050ක මිලකටය. ඒ පසුගිය වසරේ දෙසැම්බර් මසය. එම ටෙන්ඩරයත් ප්‍රතික්ෂේප විය.

දැන් එම ආයතනය සිව්වන ලංසුව තබා ඇත. ඒ පෙබරවාරි මාසයේදී ය. මෙවර ඔවුන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සමග එක්ව රුපියල් 50,000 කට ආසන්න මුදලකට ඩෙන්ඩරය ඉදිරිපත් කර තිබේ. එය තවමත් ඇගයීමට ලක් කර නොමැති බව සන්ඩේ ටයිම්ස් වාර්තාවේ දැක්වේ.

ඖෂධය රජයේ රෝහල්වල නෑ…

පුද්ගලික අංශයෙන් ඉතා ලාභදායී – රුපියල් 300 සිට 350 දක්වා මිලකට මිල දී ගත හැකි මෙම ඖෂධය දැන් රජයේ රෝහල්වල නැත. රජයේ රෝහල් පද්ධතිය ක්‍රියාත්මක වන්නේ මේ ඖෂධය නොමැතිවය. මුලින් කී ලෙස ඖෂධය සම්බන්ධව මිල පරීක්ෂා කළ විශේෂඥ හෘද සහ උරස් කුහර ශල්‍ය වෛද්‍යවරු තහවුරු කරන්නේ මෙම එන්නත් දහයක පෙට්ටියක් අසල්වැසි රටෙන් ඉන්දියානු රුපියල් 75 ක් වැනි අඩු මුදලකට මිලදී ගත හැකි බවය.

ශ්‍රී ලංකාවේ හෘද සහ උරස් කුහර ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය මෙම කාරණය හිටපු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් පාලිත මහීපාල සහ වත්මන් ලේකම් අනිල් ජාසිංහගේ අවධානයට යොමු කර ඇති බවත්,  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ද දැනුම් දී ඇති බවත් වාර්තා වේ.

මෙම වසරේ ජනවාරි මාසයේදී සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස කියා සිටියේ දේශපාලනඥයන් කිහිප දෙනෙකු දේශීය සැපයුම්කරුට සම්බන්ධ වී ඇති බවයි. එවැනි මිල ගණන් යටතේ ඖෂධය මිලදී ගැනීම සඳහා අතීතයේ දී අනුමැතිය ලබා දී ඇති ආකාරය සොයා බැලීම සඳහා පරීක්ෂණයක් ආරම්භ කරන බව ඔහු සතිපතා කැබිනට් තීරණ දැනුම් දීමේ රැස්වීමේදී පැවසීය.
තවද 2019 සිට 2023 දක්වා එය ආනයනය කිරීම සඳහා රජය රුපියල් මිලියන 342.49 ක් වියදම් කර ඇති බව ඔහු හෙළි කළේය.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මිල නියම කිරීමේ කමිටුව දැන් ඖෂධ ලියාපදිංචි කිරීම් අලුත් කිරීමට පෙර කලාපීය මිල ගණන් සමාලෝචනය කරන බව ද අමාත්‍ය ජයතිස්ස කීවේය.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය විසින් ගොනු කරන ලද පෙත්සමකට අදාළව අභියාචනාධිකරණය විසින් ලබා දුන් වාරණ නියෝගයක් හේතුවෙන් ඖෂධ නියාමන අධිකාරියට එහි යෝජිත මිලකරණ යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමට හෝ අවම මිල ගණන් නියම කිරීමට දැනට හැකියාවක් නැත. අප දකින්නේ ප්‍රශ්නය තවමත් ඒ ආකාරයෙන්ම පවතින බවය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඉල්ලපු දේම ලැබී වෛද්‍යවරුන්ගේ වටිනාකම් ස්ථාවර වුනාලු… අතිගරු ජනාධිපති තුමාට ස්තුතියි ලු… GMOA කියයි…

Next Post

පුංචි ඡන්දෙට ඉදිරිපත් වෙන්න කට්ටිය නෑ… නාම යෝජනා ලයිස්තු හදාගන්න බැරිව දේශපාලන පක්ෂ හිර වෙලා…

Related Posts

HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026
පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
පුවත්

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.