බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස නම් කර රවී කරුණානායකගෙ නම මැතිවරණ කොමිසමට යැව්වේ හොරෙන් නෙමෙයි… රනිල්ටත් කියලා… ගෑස් සිලින්ඩරයේ ලේකම් කට අරී….

by editor
නොවැම්බර් 20, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

රවී කරුණානායක ජාතික ලයිස්තුවට නම් කළේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ කෘත්‍යාධිකාරී විධායක සභාව විසින් ගනු ලැබූ ඒකමතික තීරණය මත බවත්, පක්ෂය ස්ථිර කළ එම යෝජනාව අනුව රවී කරුණානායක ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයක් සඳහා නම් කිරීමට පෙර පක්ෂ නායකයා ලෙස කටයුතු කරමින් සිටින රනිල් වික්‍රමසිංහ වෙත එම නම් කිරීම දැනුම් දුන් බවත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම් නීතිඥ ශ්‍යමිලා පෙරේරා අවධාරණය කරයි.

ඇය අවධාරණය කරන්නේ නොවැම්බර් මස 17 වැනිදා රැස් වූ පක්ෂයේ කෘත්‍යාධිකාරී විධායක කමිටුව එම පත් කිරීම ඒකමතිකව අනුමත කළ බවය.

ලේකම්වරිය කරුණු දක්වමින් සන්ධානගත පක්ෂ සමග එකඟ වූ ගිවිසුමේ 5වැනි වගන්තිය ප්‍රකාරව මැතිවරණයේ ප්‍රතිඵළ මත ලැබෙන ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරවලින් අවම වශයෙන් එක් මන්ත්‍රී ධූරයක් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ විසින් නම් කරනු ලබන අපේක්ෂකුහට ලබා දීමට එකඟ වී ඇති බව පෙන්වා දෙයි.

පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල අනුව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ට ජාතික ලයිස්තු මන්ත්‍රී ධූර දෙකක් හිමිවීම නිසා පක්ෂ අතර ගිවිසගත් ආකාරයට ඉන් එක් මන්ත්‍රී ධූරයක් පක්ෂය නම් කරන අපේක්ෂකයෙක් වෙත ලබාදීමේ අවස්ථාව පක්ෂයට ලැබී තිබුණ බව ලේකම්වරිය පැහැදිලි කරයි.

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ඒ අනුව රවී කරුණායකගේ නම ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයක් සඳහා නම් කරනු ලැබුවේ 2024 නොවැම්බර් මස 17 දින රැස්වූ පක්ෂයේ කෘත්‍යාධිකාරී විධායක කමිටුව විසින් බව ද එහිදී එම මන්ත්‍රී ධූරය සඳහා රවී කරුණානායක නම් කිරීමට ඒකමතිකව තීරණය කළ බව ද ලේකම්වරිය අවධාරණය කරයි.

පසුගිය 18 වැනිදා වනවිට ජාතික ලයිස්තු මන්ත්‍රී ධූර නම් කළ යුතුව තිබුණු නමුදු ඒ වනතෙක් සන්ධානයේ සෙසු පක්ෂවල නියෝජනය තමන් වෙත ඔවුන්ගේ මන්ත්‍රී ධූරය නම්කර දැනුම් දී නොතිබුණ බැවින් පක්ෂයේ ලේකම්වරිය ලෙස පක්ෂය විසින් ගන්නා ලද තීරණය අනුව රවී කරුණානායකගේ නම මැතිවරණ කොමිසම වෙත බාරදීමට කටයුතු කළ බව කියයි.

ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය නම් කිරීමේදී පක්ෂයේ ලේකම්වරිය ලෙස තමන් කිසිම අනීතික කටයුත්තක් නොකළ බවත් අවබෝධතා ගිවිසුම උල්ලංඝනය කර නැති බවත් ලේකම්වරිය ලෙස තමන් ක්‍රියාත්මක කළේ තමන්ට ඇති අයිතිය පමණක් බවත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම් නීතිඥ ශ්‍යාමිලා පෙරේරා අවධාරණය කරයි.

ඇය වැඩිදුරටත් කියන්නේ තමන්ගේ පක්ෂයේ හවුල්කාර පක්ෂයක් නොවන, කිසිදු ඡන්ද පදනමක් නැති, නිරතුරු පක්ෂ මාරු කරමින් පහත් පෙළේ සදාචාරයක් නොමැති නන්නත්තාරේ යන කණ්ඩායම් සහ පුද්ගලයන්ට කීමට ඇත්තේ කන්නාඩියක් ඉදිරියට ගොස් බලා ගන්නා ලෙස බවය. ඔවුන්ගේ වාචාලවලටපිළිතුරු දීමට කාලය ගත කිරීම අපරාදයක් බවය.

පොදුජන එක්සත් නිදහස් පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොදු ජන එක්සත් පෙරමුණ, නව සන්ධානය සහ එක්සත් ජාතික පක්ෂය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සන්ධානගත පක්ෂ වුයේය.

එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් එම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මාධ්‍ය හමුවේ පැහැදිලි කිරීමක් කරමින් මේ පත් කිරීම සම්බන්ධව එක්සත් ජාතික පක්ෂය කිසිවක් නොදන්නා බවත්, එක්සත් ජාතික පක්ෂයෙන් මෙම මන්ත්‍රී ධූරය සඳහා යෝජනා කර තිබුණේ තලතා අතුකොරල බවත්ය.

පොදුජන එක්සත් පෙරමුණ ප්‍රකාශ කළේ අදාල මන්ත්‍රී ධූර සඳහා කාංචන විජේසේකර, නිමල් ලංසා ඇතුළු කීප දෙනෙකුගේ නම් යෝජනා වී තිබෙද්දී එම යෝජනා අතර නොසිටි රවී කරුණානායක සන්ධානය දැන්ම්වත් නොකර ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයක් සඳහා නම් කිරීම ගැටලු සහගත බවය.

මේ අතර ජාතික ලයිස්තු මන්ත්‍රී ධූර සම්බන්ධ ඇතිවී තිබෙන ගැටලුව පිළිබඳව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මල්පාරේ පිහිටි මැතිවරණ කාර්යාලයේ දී ගෑස් සිලින්ඩරයේ ප්‍රධානියෝ අදත් සාකච්ඡා කර තිබුණහ.

මේ සිදුවූයේ කුමක්දැයි සෙවීමට නීතිඥ යසස් ද සිල්වා, නීතිඥ කුමාර් දුනුසිංහ, නීතිඥ ඉන්දික වේරගොඩ,  ආචාර්ය විදානගේ ඇතුළු කමිටුවක් පත් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. එම වාර්තාව සති තුනක් ඇතුළත එක්සත් ජාතික පක්ෂ නායකයාට භාර දීමට නියමිත බවද කියැවේ.

කෙසේ වෙතත් මැතිවරණ කොමිසම පවසන්නේ මේ වනවිට රවී කරුණානයකගේ නම ගැසට් කර ඇති බැවින් පක්ෂ මොන පරීක්ෂණ තිබ්බත් දැන් එම මන්ත්‍රී ධූරයට පත් කිරීමේ වෙනසක් සිදුනොකෙරෙන බවය. වෙනස් වීමක් අවශ්‍ය නම් අධිකරණයට ගොස් අධිකරණ තීන්දුවක් රැගෙන පැමිණිය යුතු බව ද මැතිවරණ කොමිසම දන්වා සිටී.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සහල් අතිරික්තයක් සංඛ්‍යලේඛනවල පෙන්වද්දී සහල් ආනයනය කිරීමට සිදුවන ඛේදවාචකය වෙළෙඳ ඇමති රටට කියයි!

Next Post

ඡන්දයට පසු ඡන්ද ප්‍රතිඵල – විජේදාස රාජපක්ෂ දේශපාලනයෙන් සමුගන්නා බව නිවේදනය කරයි!

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.