නතාෂා නෙත්මිණී –
කොළඹ ජාතික රෝහලේ වැටුප් අංශයේ සේවයකින් තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් එම අංශයේ සේවයේ නියුතු දසදෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් නිරෝදායනටය යොමු කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
වැටුප් අංශයේ සේවකයින් දෙදෙනෙකු ඊයේ (11) ආසාදිතයින් ලෙස වාර්තා වූ අතර අද (12) එක් සේවකයෙක් ආසාදිත වී ඇති බව එම ආරංචි වැඩිදුරටත් අනාවරණය කරයි.
ආසාදිත තත්ත්වයට පත් වූ සේවකයින් තිදෙනා අයිඩීඑච් රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ට වෛරසය ආසාදනය වූයේ කෙසේද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති බව ද එම ආරංචි මාර්ග පවසයි.