කොළඹ ජාතික රෝහලේ කොවිඩ් රෝගීන් සදහා ඇඳන් 750ක් වෙන් කර ඇති අතර හදිසි අවශ්‍යතාවන්ට ප්‍රයෝජනයට ගත හැකි වන සේ තවත් ඇදන් 180ක් සූදානමින් තබා ඇතැයි කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය කුමාර් වික්‍රමසිංහ සඳහන් කරයි.
දැනට ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සැලකිය යුතු අඩුවක් පෙන්නුම් කරන නමුත් ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ගෙන් සියයට 50ක ප්‍රතිශතයක් ඔක්සිජන් මත යැපෙන්නන් බවද ඔහු පෙන්වාදේ.
රෝගීන් 300ට වැඩි ප්‍රමාණයකට ඔක්සිජන් ලබා දීමේ හැකියාවක් ජාතික රෝහල සතුව පවතින බවත් කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කළ හැකි විශේෂිත උපකරණ 225ක්ද මේ වන විට රෝහල සතු බවත් හෙතෙම පැවසීය.
මේ වන විට ටොන් 20ක ධාරිතාවක් ජාතික රෝහල සතුව පවතින බවත් තවත් ටොන් 10ක ඔක්සිජන් ධාරිතාවක් ස්ථාපිත කිරිමට මේ වන විටත් කටයුතු යොදමින් පවතින බවද සදහන් කළේය.
කොවිඩ් රෝගීන් සදහා ඇඳන් 25න් යුතු දැඩිසත්කාර ඒකක 3ක් වෙන් කර ඇති බවත් ඉදිරියේදී අවශ්‍යතාව මත මෙය තවත් පුළුල් කිරීමට හැකි වනු ඇතැයිද වෛද්‍ය වික්‍රමසිංහ පැවසීය.
කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී රෝහල් කාර්ය මණ්ඩලයට වයිරසය ආසාදනය වීම සඳහා තිබෙන ඉඩකඩ අවම වන ලෙස අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරිමටද මෙහිදී කටයුතු කල බවද හෙතෙම සදහන් කළේය.