දිනසේන රතුගමගේ –
ජාතික මට්ටමේ බැඩ්මින්ටන් විනිසුරුවරයෙකු වවුනියාව කැබිතිගොල්ලෑව මාර්ගයේදී වන අලි ප්‍රහාරයකට ලක්ව ඊයේ ( 19 ) මියගොස් තිබේ.
ත්‍රිකුණාමළයේ පදිංචි සිවපාලසුන්දරම් මයුරන් නැමති 33 හැවිරිදි මෙම විනිසුරුවරයා කොළඹ සිට දුම්රියෙන් වවුනියාවට පැමිණ රාත්‍රි කාලයේදී ඔහුගේ යතුරු පැදියෙන් ත්‍රිකුණාමලය බලා යමින් සිටියදී වන අලි ප්‍රහාරයට ලක්ව මිය ගොස් තිබේ.
මියගිය අයගේ මළ සිරුර කැබිතිගොල්ලෑව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කොට ඇති අතර කැබිතිගොල්ලෑව පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.
Discussion about this post