අද (08) පාර්ලිමේන්තුවේ නව සැසිවාරය සඳහා සහභාගි නොවීමට ජාතික ජන බලවේගය තීරණය කර ඇතැයි එහි විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පැවසුවේය.
මින් පෙර නව පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වීමට ජාතික ජන බලවේගය සහ රිෂාඩ් බදුර්දීන් සහ රවුෆ් හකීම් නියෝජනය කරන පක්ෂ තීන්දු කර තිබිණි.
ජනාධිපතිවරයාගේ රාජාසන කතාව වර්ජනය කිරීමට සමගි ජන බලවේගය සහ හෙළිකොප්ටර්ය ලකුණින් සන්ධානගත වූ එක්සත් ජනතා සන්ධානයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් තීරණය කර තිබිණි.
මීට අමතරව ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් ද රැස්වීමට සහභාගී වන්නේ නැත