බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජාතික ක්‍රීඩා සංගම්වලට අරක්ගත් පෙරේත ගෙවලයන්ට යන එන මං නැති කළ ක්‍රීඩා ඇමතිගේ ගැසට්ටුව…

by editor
දෙසැම්බර් 18, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

neutral-ampayer

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ හිටි අඩියේ විශේෂ ගැසට් පත්‍රයකට අත්සන් තැබීය.

එම ගැසට් පත්‍රය ක්‍රීඩා පරිපාලනයේ යෙදී සිටින බොහෝ දෙනකුගේ ඇස් උඩ යැවීමට සමත් විය.

මෙම නව ගැසට් පත්‍රයට අනුව සියලුම ජාතික ක්‍රීඩා සංගම්වල දුම්මල ගසාවත් එළවා ගත නොහැකිව සිටි ගෙවලයන් කුම්භාණ්ඩයන් රැසකට යන එන මං නැතිව තිබේ.

මේ ගැසට් පත්‍රයෙන් කියවෙන පරිදි මින් මතු කිසිදු ක්‍රීඩා සංගම් නිලවරණකදී වයස අවුරුදු 70 ට වැඩි අයට ඉදිරිපත් විය නොහැක.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හරි නම් මෙම වයස් සීමා පැනවීම මුලින්ම සිදු කළ යුතුව තිබුණේ පාර්ලිමේන්තුවටය.

එහෙත් එය ක්‍රීඩා සංගම් වලින් හෝ පටන් ගැනීම හොඳ පූර්වාදර්ශයකි.

මීළඟට පිට පිට වාර දෙකක්  සභාපති පුටුවේ සිටි අයකුට නැවත තරග කළ නොහැකි බවටත් වසර අටක් මොන තනතුරුවල රැඳී සිටියත් නැවත තරග කළ නොහැකි බවටත් නීතියක් පනවා තිබේ.

මේ අනුව ක්‍රිකට්, මලල ක්‍රීඩා, වූෂු ඇතුළු බොහෝ ක්‍රීඩා සංගම්වල මුල් ඇදගෙන සිටි නිලධාරීන් බොහෝ දෙනකුගේ බලාපොරොත්තු සුන්ව ගොස් ඇත.

ද්විත්ව පුරවැසියන්ටද ක්‍රීඩා නිලවරණවලට ඉදිරිපත් විය නොහැකි බව  නව රෙගුලාසි වලට ඇතුළත් කොට තිබේ

මීට පෙර දූෂණ චෝදනා වලට ලක්ව සිටින නිලධාරින්ටද යළි තරග කළ  නොහැකිය.

සූදු හා බුකි ව්‍යාපාර වලට සම්බන්ධ කිසිවකුට ක්‍රීඩා සංගම් නිලවරණයකට ඉදිරිපත් විය නොහැකි බවට  හරින් ප්‍රනාන්දු ක්‍රීඩා ඇමතිවරයා ලෙස කටයුතු කළ සමයේ පාර්ලිමේන්තුවේදීම ක්‍රීඩා පනතට සංශෝධනයක් රැගෙන ඇවිත් සම්මත කර ගන්නා ලදී.

අප රටේ බොහෝ තැන් පරිදි ක්‍රීඩා පරිපාලනයද දූෂිත වී හමාරය.

ජාතික ක්‍රීඩා සම්මේලන හෝ සංගමයක මුල් පුටුවක් දැරීම සමාජය තුළ පිළිගැනීමකට ලක් වනවා පමණක් නොව විදෙස් සංචාර, ජාත්‍යන්තර සංගම් වලින් ලැබෙන ඩොලර් ආධාර, ලිංගික අල්ලස්, විශාල කොමිස් ඇතුළු තව බොහෝ වරප්‍රසාද වලට හේතුවක් බවට පත්  වීමත් සමග බොහෝ සංගම්වල මුල් පුටුවලට පත් වූවන් එළවා ගැනීම අපහසු කරුණක් වී තිබිණ.

මේ සඳහා ක්‍රීඩා පනතේ යල් පැන ගිය ඇතැම් වගන්තිද පනින රිළවුන්ට ඉණි මං තැබීමක්  බඳු විය.

බලයේ සිටියදී චන්ද හිමි සංගම් හා ක්‍රීඩා සමාජ නියෝජිතයන්ට සන්තෝසම්  ලබා දෙමින් දිගින් දිගටම මුල් පුටු වල රැඳී සිටීම බොහෝ සංගම් වල සාමාන්‍ය සිද්ධියක් බවට පත්ව තිබිණ

මේ තත්ත්වය වඩාත්  බරපතල ලෙස තිබුණේ ක්‍රිකට්, පාපන්දු, බැඩ්මින්ටන්, බොක්සිං, වූෂු, රග්බි, මලල ක්‍රීඩා,වැනි ක්‍රීඩා සංගම් වලය.

ජාතික ඔලිම්පික් කමිටුවද එසේමය.

මේ අනුව ක්‍රීඩා ඇමතිවරයා විසින් ගන්නා ලද තීරණය අගය කළ යුතුව තිබේ.

එහෙත්  ක්‍රීඩා ඇමතිවරයාගේ  විශේෂ අවසරය මත තරග කළ හැකි බවට ඇති වගන්තිය තවමත් සංශෝධනය කොට නොමැති අතර එමගින් ඕනෑම  නුසුදුස්සකුට ,හෙංචයියකුට ඇමතිවරයා අල්ලාගෙන සංගමයක බලයට ඒමේ හැකියාව තවමත් තිබීම කනගාටුවට කරුණකි.

එනිසා ඉදිරියේ එම හිඩසින් රිංගීමට මාන බලන් සිටින කිසිවකුට ඉඩක් නොතැබීම ක්‍රීඩා ඇමතිවරයාගේ වගකීමකි.

කෙසේ වෙතත් මෙම නව රෙගුලාසි වලට විරුද්ධව මානව හිමිකම් යටතේ උසාවි යාමට සමහරු කටයුතු කළහොත් එය පුදුමයට කරුණක් නොවනු ඇත.

ඒ මේ සිරි ලංකාව නිසාය.

Share69Tweet43
Previous Post

ශිෂ්‍යත්ව විභාගය අද

Next Post

විදෙස් මගීන් 132ක් සමග අනතුරට පත් යාත්‍රාවක් නාවික හමුදාවෙන් ගලවා ගනී!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.