සෞඛ්‍ය අමාත්‍යංශයේ වංචා පිලිබඳව රටට හෙළි කළ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර හෙට (9) අපරාධ පරික්ෂණ දෙපාර්ථමේන්තුවට කැදවා ඇතැයි වාර්තාවේ.
ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ ඖෂධ නිශ්පාදන නීතිගත සංස්ථාව සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළ කරුණු පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය රසිත විජේවන්ත සහ ඖෂධ නිශ්පාදන නීතිගත සංස්ථාවේ සභාපති උත්පල චන්ද්‍රවංශ විසින් සිදුකරන ලද පැමිණිලි ප්‍රකාරව විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර විශේෂ විමර්ශනයක් සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබේ.
මීට පෙර ඔහුට මෙම කැඳවීම ලැබිනි. ඒ සැප්තැම්බර් 01 දා උදේ 08ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසය. එහෙත් එදිනම අමාත්‍යාංශ මට්ටමින් විනය පරීක්ෂණයක් පැවැත්වීමත්, කොවිඩ් වැළඳී සිටීම නිසා ප්‍රමාණවත් විවේකයක් අවශ්‍ය බවත් දන්වා නීතිඥයෙක් මාර්ගයෙන් වෙනත් දිනයක් ඉල්ලා තිබිණි.
ඒ අනුව ඔහු හෙට උදේ 08ට යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.







