රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 6.1 ප්‍රබල භූ චලනයක් ජපානයේ සිදුවී ඇති බව ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.
ජපානයේ උතුරු හොකයිඩෝ දූපතේ නැගෙනහිර කොටසේ මෙම ප්‍රබල භූමිකම්පාව සිදුවෙමින් පවතින බව එරට NHK රුපවාහිනී වාර්තා කර තිබේ.
ප්‍රධාන ජපන් මාධ්‍ය ආයතන ඔස්සේ හානි හෝ තුවාල පිළිබඳ ක්ෂණික වාර්තා නොමැත.
මෙම භූමිකම්පාව දේශීය වෙලාවෙන් රාත්‍රී 10:27 ට කිලෝමීටර් 43 (සැතපුම් 27 ක්) පමණ පොළව අභ්‍යන්තරයේ ඇති වූ බව වාර්තා වී තිබේ.
ජපානයේ භූ විද්‍යා විශේෂඥයෙක් ප්‍රසිද්ධ NHK ප්‍රවෘත්ති සේවය ඔසසේ ජනතාව අමතමින් අනතුතරු අඟවා තිබුණේ සතියක පමණ කාලයක් භූමිකම්පා ගැන විමසිලිමත් වන ලෙසය. .
අග්නිදිග ආසියාව සහ පැසිෆික් ද්‍රෝණිය හරහා විහිදෙන දැඩි භූ කම්පන ක්‍රියාකාරකම්වල චාපයක් වූ පැසිෆික් “ගිනි වළල්ල” මත පිහිටා ඇති ජපානයේ භූමිකම්පා බහුලව දක්නට ලැබේ.
ප්‍රබල භූමිකම්පාවලට ඔරොත්තු දෙන ගොඩනැගිලි සහතික කිරීම සඳහා රට තුළ දැඩි ඉදිකිරීම් රෙගුලාසි ඇති අතර, විශාල කම්පනයකට සූදානම් වීම සඳහා හදිසි අභ්‍යාස පැවැත්වීම පුරුද්දක් ලෙස ජපානය සිදු කරයි.







