තරාතිරම නොබලා පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන්ට නිසි දඬුවම් ලබා දීමට කටයුතු කරන බව අද (11) නැවත වරක් කොළඹ අග රදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන් හමුවූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පොරොන්දු වී ඇත.
ස්වාධීන අභිචෝදක කාර්යාලයක් පිහිටුවා පාස්කු ප්‍රහාරයේ සතය පමණක් නොව නීතියේ ආධිපත්‍ය ද තහවුරු කරන බවත් තමන් ඒ වෙනුවෙන් කැප වන බවත් විපක්ෂ නායකවරයා මෙහෙදී කාදිනල් හිමිපාණන්නට නැවත සපථ කර තිබේ.
එහිදී සිය පක්ෂයේ ප්‍රතිපත්ති ප්රකාශනය ද විපක්ෂ නායකවරයා අගරදගුරු හිමිපාණන්ට පිළිගන්වා තිබිණි.







