බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනාධිපති වුණොත් කරන දේ ගැන වෛද්‍ය පබාසරී ගිනිගේ ගෙන් “ගින්දර කතාව “!

by editor
මාර්තු 14, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

  • ආගමික නායකයින්ට පලතුරු වට්ටි , සුපිරි කාර් අරන් යන්නේ නෑ

  • පිරිකර විදිහට උසස් අධ්‍යාපන ආයතනවල උත්තුංග තනතුරු පූජා කරන්නේ නෑ

  • දේශපාලකයන්ට අවම සුදුසකම් !

  • නින්දෙන් ඇහැරුණා වගේ කෘෂි ප්‍රතිපත්ති වෙනස් කිරීම වෙනුවට නිසි මාර්ග සිතියමක් !

අද අප ජීවත් වන්නේ  යහපාලනය වගේම සෞභාග්‍යයේ දැක්මත් විහිලුවක්  බවට පත් වූ රටක බවත් තම ජීවිත කාලය තුළ ජනාධිපතිවරුන් වගේම විපක්ෂයත් මේ රටේ ගෞරවය අභිමානය නැති කරන  අයුරු අත් විඳ ඇති බවත් පේරාදෙණිය වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ  විශේෂඥ මනෝ වෛද්‍ය පබාසරී ගිනිගේ සඳහන් කරයි. පසුගියදා ෆෙඩ්රික් නිව්මාන් පදනම සහ නේක්ස්ට්ජෙන් ශ්‍රි ලංකා එක්ව සංවිධානය කළ ජාත්‍යන්තර කාන්තා දින සැමරුමකදී අදහස් දැක්වූ වෛද්‍යවරිය ඇයට ලැබී තිබූ මාතෘකාව වන  තමන් ජනාධිපති වුවහොත් ඉදිරියට කරන දේ ගැන සඳහන් කරමින් කතාවක් කළාය. එහිදී ඇය විශේෂයෙන් කියා සිටියේ ලෞකික්ත්වය ප්‍රතිපත්තිය කරගත් ඇයගේ රාජ්‍ය පාලනයේ මඟ පෙන්වීමේ ප්‍රතිප්තිය බවට පත් වන්නේ දක්ෂතා කුසලතාවලට මුල් තැන දීම බවය.

එහිදී විශේෂඥ වෛද්‍ය ගිනිගේ දැක්වූ අදහස් මෙසේය.

“ මම අද ඉන්නේ සෞභාග්‍යයේ දැක්ම තවත් විහිලුවක් වූ රටකයි. ඒක හරියට යහපාලනය වගේ. මට මීට කලින් විවිධ පක්ෂ දේශපාලනයට ආරාධනය කළා. නමුත් ඒ ප්‍රතිපතිත් සමඟ අපට කටයුතු කළ නොහැකියි.  මම ජනාධිපති නම් ලෞකිකත්වය  මගේ එක ප්‍රතිපත්තියක්. මම කිසිම ආගමික නායකයකු හමුවෙන්න පලතුරු වට්ටි  අරගෙන  යන්නේ නෑ. සුඛෝපභෝගී වාහන පුදන්නට යන්නෙත් නෑ . උදව් කරන ආගමික නායකයන්ට පිරිකර විදිහට රටේ තිබෙන පිළිගත් ගෞරවණිය උසස් අධ්‍යාපන ආයතනවල උත්තුංග තනතුරු පූජා කරන්නෙත් නෑ. නමුත් මම හැම ආගමික  ස්ථානයකටම ගෞරවයෙන් යුතුව යනවා. ඒ මෙත්තා කරුණා මුදිතා ගුණ පදනම් කරගෙන.“

ජාතිය ආගම කුලය වර්ණය සියල්ලටම ඉහළින් මනුෂ්‍යත්වය රජකරවන පසුබිමක් මම ජනාධිපති වුවහොත් රට තුළ නිර්මාණය කරනවා. ඒ සඳහා මම වැඩපිළිවෙළක් සකසනවා. වේදනාත්මක පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ වින්දිතයන්ට නියම සාධාරණය ඉටු කිරීමට වගේම ඔවුන් සම්බන්ධයෙන් අවංක වූ සංහිඳියා වැඩසටහනක් ආරම්භ කරනවා.

දක්ෂතා සහ කුසලතාවලට මුල් තැන දීම (Meritocracy)  මගේ රජයේ මූලික මග පෙන්වීමේ ප්‍රතිපත්තිය වනු ඇති. මම ජනාධිපති වුවහොත් මේ රටේ දේශපාලනයට පැමිණීම සඳහා අවම සුදුසුකම් නිර්මාණය කරනවා. ඒ වගේම ඔවුන් දූෂණ, වංචා අපරාධ හෝ ළමා සහ කාන්තා අපයෝජනවලට කිසිදු සම්බන්ධයක් නැති  බවට තහවුරු විය යුතුයි.  කට ඇරියාම මොළේ බිම වැටෙන අශීලාචාර පුද්ගලයන් කිසිවකුට මම නාම යෝජනා දෙන්නේ නෑ.

ආර්ථිකය පිළිබඳත් මගේ දැක්මක් තිබෙනවා. ආහාර ඉන්ධන ඖෂධ ආදී අත්‍යවශ්‍ය දේවල් බාධාවකින් තොරව සැපයීමේ වැඩපිළිවෙළක් තිබිය යුතුයි. අනවශ්‍ය ලෙස මුදල් මුද්‍රණය කිරීම මම නවත්වනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කරන ගමන් රුපියල රුපියල පා කිරීමට කටයුතු කරනවා.  අපේ විදේශගත පුද්ගලයන් එවන මුදල් ඔවුන්ට වාසියක් ලැබෙන ආකාරයට නීතිමය ආකාරයෙන් ලංකාවට එවීමට අවශ්‍ය පරිසරය කඩිනමින් හදනවා.

මම හදිස්සියේ නින්දෙන් ඇහුරුණා වගේ කාබනික පොහොර පමණක් ප්‍රතිපත්තිය වගේ ඒවා ගේන්නේ නෑ. මම ඉතා ක්‍රමවත්ව හරිත කෘෂිකර්මයක් වෙනුවෙන් මාර්ග සිතියමක් සකස් කරනවා. මම මේ රටේ බත සරි කරන ජනතාව කුසගින්නේ තිබෙන්නට ඉඩ හරින්නේ නෑ. මම මේ සෑම දෙයකටම තාක්ෂණික වශයෙන් ප්‍රවීණයින්ගෙන් අදාළ උපදෙස් නිසි අයුරින් ලබා ගන්නවා. එහෙම නැතිව සාත්තරකාරයින්ගෙන් බොරුකාරයින්ගෙන් මම උපදෙස් ගන්න යන්නේ නෑ.

රටේ ජනතාවට නොමිලේ ඉතා ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබා දීමට ම  සහතික වෙනවා. දේශපාලන හෙංචයින්යන්ට ඇන්ටිජන් කිට්වලින් හෝ නිරෝධායනයෙන් ගසා කෑමට මම කිසිම ඉඩක් තියන්නේ නෑ. මානසික සෞඛ්‍යයක් නැතිව සෞඛ්‍යයක් නෑ. එබැවින් මම රටේ ජනතාවගේ මානසික සෞඛ්‍ය යහපත්ව තබා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රමාණවත් මුදල් ඒ සඳහා වෙන් කරනවා.

නීතී සංශෝධනය සම්පූර්ණ ලිංගික අධ්‍යාපනයක් ලබා දීමට කටයුතු කරනවා. සංසකෘතිය විනාශ කරනවා කියන සංස්කෘතිය ගැන කතා කරන මේ රටේ 2021 වසරේදී පමණක් 11187ක්  ළමා අපයෝජන මේ ධර්ම දීපය තුළ වාර්තා වී තිබෙනවා. මම මේ සෑම ළමයකුම ආරක්ෂා කරනවා. අංග සම්පූර්ණ ලිංගික අධ්‍යාපනයක අවශ්‍යතාව අචද රටට තිබෙනවා.

මම දැවැන්ත අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් කරනවා. අධ්‍යාපනයෙන් ළමයින් අපයෝජනය වනවා . මම ජීවත් වන රටේ දරුවන්ට මේ නිසා  කාංසාව විශාදය වැනි තත්ත්ව ඇවිත්. ඔවුන්ට සමානාත්මතාව කරුණාව ගෞරවය ලබා දෙීමේ වැඩපිළිවෙළක් අධ්‍යාපනය තුළ තිබිය යුතුයි.

“රැකියා වෙළෙඳපොලට ගැලපෙන අධ්‍යාපන රටාවක් හදනවා. උසස් අධ්‍යාපන ආයතනවල සෑම ආකාරයකම නවක වදය නැති කරනවා.““යයිද සඳහන් කළාය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාසල් වෑන් ප්‍රවාහන සේවා ගාස්තු වැඩි වේ…

Next Post

ලංකාව තවමත් අපෙන් උදව් ඉල්ලුවේ නෑ – IMF කියයි

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.