ජනාධිපතිවරයා විසින් මැතිවරණය කල් දැමීමේ කාර්යයට සූදානම් නම් පොදු ජන පෙරමුණ ආණ්ඩුවෙන් ඉවත්වන බව පොදු ජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් ප්‍රකාශ කළේය.
අද කොළඹ දී පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් සාගර කාරියවසම් පැවසුවේ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් රංගෙ බණ්ඩාර මැතිවරණ කල් දැමීම සම්බන්ධව ප්‍රකාශය කළ වහාම පක්ෂයක් ලෙස පොදු ජන පෙරමුණ ඊට විරුද්ධ වූ බවය.
මෙම ප්‍රකාශය සිදුවූයේ එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ නොදැන නම් එය තමන්ගේ මතය නොවන බවත් එහි වගකීම තමන් දරන්නේ නැති බවත් ජනතාව හමුවේ ප්‍රකාශයක් කළ යුතුව තිබුණු බව සාගර කාරියවසම් පැවසුවේය.
“ජනාධිපතිවරයා තියා කවුරු වුනත් අපට පක්ෂයක් ලෙස වැරදි දේ කරන්න කරන්න හැදුවොත් එය නවත්වනවා. බැරි වුනොත් බැහැලා යනවා.” සාගර කාරියවසම් පැවසුවේය







