-
අවස්ථා දෙකක දී ඇමතිවරයා අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ගල්කිස්ස අධිකරණය නියෝග නිකුත් කළා… නියෝග නිකුත් කළ මහේස්ත්‍රාත්වරියන් දෙදෙනා මාරු කළා… දැන් නඩුව අසන්නේ 03 වැනි විනිසුරුවරිය විසින්….
-
මහේස්ත්‍රාත් අධිකරණය අත් අඩංගුවට ගන්න නියෝග කළාට පස්සේ පොලිසිය නීතිපතිවරයාගෙන් අහනවා ඇමති අත් අඩංගුවට ගන්න ද කියලා… මොනවද මේ වැඩ?
අමාත්‍ය වසන්ත සමරසිංහට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීම සම්බන්ධව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් අද (24) පාර්ලිමේන්තුවේ දී දැඩිව ප්‍රශ්න කළේය.
අමාත්‍යවරයාට එරෙහිව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ ඇසෙන නඩුවක දී ඔහුව අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නට නියෝග දුන් මහේස්ත්‍රාත්වරිය පමණක් නොව, ඇයට පසු පත් කළ මහේස්ත්‍රාත්වරිය ද ස්ථාන මාරු කර යවා මේ වනවිට නඩුව ඇසෙන්නේ තුන්වැනියෙකු ඉදිරියේ බව මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
මහේස්ත්‍රාත් අධිකරණය විසින් දෙවරක් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළ පුද්ගලයෙක් අත් අඩංගුවට ගැනීමට පොලිසිය නීතිපතිවරයාගේ උපදෙස් විමසමින් සිටින බවත්, රනිල් වික්‍රමසිංහ අත් අඩංගුවට ගැනීමට නියෝග කරන විට එවැනි නීතිපති උපදෙස් පැතීමක් සිදු නොවූ බවත් පෙන්වා දුන් මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා උදේ සිට රෑ වනතුරු බෙරිහන් දෙන නීතියේ ආධිපත්‍ය වලංගු වන්නේ විපක්ෂයට පමණක් දැක් ප්‍රශ්න කර සිටියේය.
ගල්කිස්ස මහේස්ත්‍රාත් බී අංක 29984 නඩු අංකය. ඒ නඩු අංකයේ නඩුවක් තියනවා අංක 10. නගර සභා පටුමග, දෙහිවල පිහිටි පර්චස් 32ක ඉඩමක තට්ටු දෙකක ගොඩනැගිල්ලක්… මේ නැෂනල් වෝර්කස් කොංග්‍රසයට අයිති ගොඩනැගිල්ලක්. බලයෙන් අල්ලා ගැනීම සම්බන්ධව.
2024 සැපැත්ම්බර් මාසේ 06 වැනිදා වහාම ඒ සැකකරුවන් අත් අඩංගුවට ගන්න කියලා ගල්කිස්ස මහේස්ත්‍රාත්තුමිය නියෝග කරනවා. 2024 සැප්තැම්බර් 06. අත් අඩංගුවට ගන්නේ නෑ.
ඊලඟට නැවත වතාවක් 2024 නොවැම්බර් මාසේ 22 දා වහාම අත් අඩංගුවට අරන් ඉදිරිපත් කරන්න කියලා මහේස්ත්‍රාත්තුමිය පොලිසියට නියෝග දෙනවා. මොකද වෙන්නේ. අත් අඩංගුවට ගන්නේ නෑ. ඇයි ඒ… මේ ආණ්ඩුවේ ඉන්න ඇමතිවරයෙක් නිසා එයාව අත් අඩංගුවට ගන්නේ නෑ.
ජනාධිපති තුමා නීතියේ ආධිපත්‍ය ගැන කතා කරනවා. ඊලඟට ඒ මහේස්ත්‍රාත්තුමියව මාරු කරනවා. මාරු කරලා වෙන මහේස්ත්‍රාත්වරයෙක් ගේනවා. ඊට පස්සේ එයා නඩුව විභාග කරගෙන යනකොට එයාවත් දැන් මාරු කරලා දැන් තවත් එක්කෙනෙක් පත් කරලා තියනවා. මොකක්ද මේ හදන්න යන නීතියේ ආධිපත්‍යය. මේක ද මේ කතා කරපු විනිවිද භාවය. මේකද කතා කරපු පාරදෘශ්‍ය භාවය. මේකද කතා කරපු ජන මතයට දුන්න පොරොන්දුව.
අද පොලිසිය ඇවිත් උපදෙස් ඉල්ලනවා නීතිපති තුමාගෙන් මේ ඇමතිවරයාව අත් අඩංගුවට ගන්න ද එපා ද කියලා.
ගරු කතා නායක තුමනි. මහේස්ත්‍රාත් තුමිය නියෝග දීලා තියනවා නම් අත් අඩංගුවට ගන්න ඕන. නීතිපතිගෙන් අහන්න ඕන නෑ. රනිල් වික්‍රමසිංහ අත් අඩංගුවට ගන්නකොට නීතිපතිගෙන් ගිහින් ඇහුවේ නෑ. එහෙමනම් ඒ නීතිය ආණ්ඩුවේ ඉන්න ඇමතිවරයෙකුට ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ එයා මේ ආණ්ඩුවේ ඇමති කෙනෙක් නිසාද කියන ප්‍රශ්නය තමයි දැන් අපට වැටහිලා තිබෙන්නේ.
ඒ හින්දා අපි කියන්නේ. ජනාධිපති තුමා උදේ ඉඳන් හවස් වෙනකම් නීතියේ ආධිපත්‍ය ගැන බෙරිහන් දෙනවා. නීතියේ ආධිපත්‍ය හදන්න ඕන කියලා කියනවා. නමුත් එ් හැම එකක්ම විරුද්ධ පක්ෂයේ ඉන්න අපට තමයි නීතියේ ආධිපත්‍ය. ආණ්ඩුව නියෝජනය කරන මැති ඇමතිවරුන්ට නීතියේ ආධිපත්‍යයක් නෑ. ඒ අයට අවශ්‍ය විදිහට නීතිය නැමෙනවා. නීතිය නමා ගන්නවා. නමාගෙන අපට කියනවා නීතියේ ආධිපත්‍ය හදනවා කියලා.
විනිශ්ඡය කරුවන් තමන්ට අවශ්‍ය විදිහට යොදවාගෙන අධිකරණයට බලපෑම් කිරීම







