ජනාධිපතිවරණයට පෙර 22වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ගැසට් නොකරන බව ප්‍රකාශ කර පැය 24 ක් යෑමට මත්තෙන් ජනාධිපතිවරයා විසින් එම සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කිරීම තමන්ට ජනාධිපතිවරයා සමග ගැටුමක් ඇති කරගැනීමට තරම් කාරණයක් නොවනක බව අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ පවසයි.
ජනාධිපතිවරයා ආණ්ඩුවේ ප්‍රධානියා බවත්, කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා බවත් කී අධිකරණ ඇමතිවරයා ජනාධිපතිවරයාට තමාට වඩා බෙහෙවින්ම විශාල බලතල ප්‍රමාණයක් තිබෙන බව කියයි.
මෙම ගැසට් කිරීමට සිදුකිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලය තමන්ව දැනුම්වත් කළ බව කී ඇමතිවරයා ඊට තමන්ගේ විරෝධයක් නොමැති බව ද දැන්වූයේ යැයි පවසයි.
එතුමා පැහැදිලි ප්‍රකාශයක් කළා මෙය ගැසට් පත්‍රයේ පල කලා වුවත් මෙය ජනාධිපතිවරණයට බලපාන්නේ නෑ. ජනාධිපතිවරණය නිසි වෙලාවට තියනවා කියලා. ඒ නිසා ජනතාවට එතුමා පැහැදිලි පනිවිඩයක් දීලා තියනවා. මේ හේතුව මත සැකයක් හෝ ව්‍යාකූලත්වයක් ඇති කරගත යුතු නෑ කියලා. එතකොට ඒ ප්රශ්නය නිරාකරණය වෙනවා.







