කැබිනට් මණඩලයේ ප්‍රධානියා ලෙස 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ පනත් කෙටුම්පත ගැසට් කිරීමට ජනාධිපතිවරයාට බලතල ඇති බව අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ පැවසුවේය.
ඔහු අද ජනාධිපතිවරයා සමග ගාල්ල නව අධිකරණ සංකීර්ණය විවෘත කිරිමේ අවස්ථාවට අධිකරණ ඇමතිවරයා එක් වී සිටියේය.
ජනාධිපතිවරණය පසුවන තුරු 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැසට් නොකරන බව පැවසුව ද එසේ ප්‍රකාශ කර පැය 24ක් යන්නට පෙර ජනාධිපතිවරයා විසින් 22වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කර පැය කීපයක් ගිය පසු ජනාධිපතිවරයා සමගම අධිකරණ ඇමතිවරයා උත්සවයකට සහභාගී වීම කැපී පෙනුනේය.
සභානායක සුසිල් ප්‍රේමජයන්ත පැවසුවේ තමන් පාර්ලිමේන්තු න්‍යායපත්‍රය සකස් කර පැමිණි බවත් ලබන සතිය තුළ එම 22වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කොටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බවත්ය.
මැතිවරණය ප්‍රකාශයට පත් කළ පසු හෝ මෙම පනත් කෙටුම්පත පැමිණියත් දින වකවානු ගත්තත්, මැතිවරණයට බලපෑමක් ඇති නොවන බවත් සභානායකවරයා පැවසුවේය. මැතිවරණ කල් දැමීම පිළිබඳ ප්‍රකාශ කරන්නේ මැතිවරණ නීතිය සහ ව්‍යවස්ථාව නිසි ලෙස නොකියවු පුද්ගලයන් බවද ඔහු කීවේය.







