ජනාධිපතිගේ නිල කොඩිය පැහැරගත් පුද්ගලයා සොයා විමර්ශන අරඹයි….

පසුගියදා කොළඹ පැවති මහජන විරෝධතාවයේදී ජනාධිපතිවරයාගේ නිල කොඩිය රැගෙන පැමිණි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

සමාජ මාධ්‍යවල හුවමාරු වූ වීඩියෝවක දැක්වෙන්නේ ඇඳ මත ඇඳ ඇතිරිල්ලක් ලෙස භාවිතා කරන ලද කොඩිය සමඟ පුද්ගලයා ඇඳ මත වැතිර සිටින ආකාරයයි.

ජනාධිපතිවරයාගේ නිල කොඩිය ගිනි තබා විනාශ කරන බවද ඔහු ප්‍රකාශ කරන බව අසන්නට ලැබේ.

ජුලි 09 වනදා කොළඹ පිහිටි ජනාධිපති කාර්යාලයට මහජනතාව කඩා වැදීමෙන් පසු කොඩිය රැගෙන ගිය පුද්ගලයා සීසීටීවී දර්ශන ඔස්සේ හඳුනාගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.


සැකකරු කොඩිය ඉණේ බැඳගෙන ගමන් කරන අයුරු දක්නට ලැබෙන බව සඳහන් කළ පොලිසිය CCTV සාක්ෂි මත විමර්ශනයක් ආරම්භ කර ඇති බව සඳහන් කළේය.

කෙසේ වෙතත් වත්මන් විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති කොඩිය අහෝසි කර ඇත. ඔහු ප්‍රකාශ කළේ ජනාධිපතිට විශේෂ කොඩියක් අනවශ්‍ය බවය. ජාතික කොඩිය පමණක් රටකට ප්‍රමාණවත් බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


Exit mobile version