සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජන ජීවිතය අඩාල වීමට ඉඩ නොතැබිය යුතුයි- ජනපති

by Lanka Sara Editor
ජූනි 2, 2021
in පුවත්
gotabaya rajapaksa
Share on FacebookShare on Twitter

ජන ජීවිතය අඩාල නොවන අයුරින් අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාමට ආණ්ඩුකාරවරු සහ දිස්ත්‍රික් ලේකම්වරු පෞද්ගලිකවම මැදිහත්විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

පවතින තත්ත්වය හමුවේ වුවද රටේ ආර්ථිකය බිඳ වැටීමට ඉඩ තැබිය නොහැකි බවත් අභියෝගය ජය ගනිමින් රටක් ලෙස ඉදිරියට යාමේ දී සියලුදෙනාගේ දායකත්වය අවශ්‍ය බවත් පැවසූ ජනාධිපතිතුමා කර්මාන්තශාලා සහ සංවර්ධන ව්‍යාපෘති අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය පූර්ණ සහාය ලබා දෙන ලෙස ආණ්ඩුකාරවරුන්ට සහ දිස්ත්‍රික් ලේකම්වරුන්ට පැවසීය.

පළාත් ආණ්ඩුකාරවරු සහ දිස්ත්‍රික් ලේකම්වරුන් සමග අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති මාසික හමුවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

කර්මාන්තශාලාවක් හෝ සංවර්ධන ව්‍යාපෘතියක් ආශ්‍රිතව ආසාධිතයෙකු හඳුනාගත් විට එම කර්මාන්තශාලාව හෝ ව්‍යාපෘතිය එක්වරම වසා දමනු වෙනුවට සෞඛ්‍ය නිර්දේශ පිළිපදිමින් අඛණ්ඩව පවත්වාගෙන යා හැකි පරිසරය විමසීමේ වැදගත්කම ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

සංචරණ සීමා හමුවේ ජන ජීවිතයට එල්ල වී ඇති අභියෝග සහ ගැටලු පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණ.

නිසි සෞඛ්‍ය නිර්දේශ පිළිපදිමින් කර්මාන්ත සහ අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාමට රජය උපදෙස් දී තිබුණ ද ප්‍රාදේශීයව එම වැඩපිළිවෙළ ක්‍රියාත්මකවීමේ දී අඩුපාඩු පැවති බවට කරුණු වාර්තා වී ඇති බව ජනාධිපතිතුමා පැවසීය.

ප්‍රාදේශීය මට්ටමින් ගොවීන්ගේ එළවළු සහ පළතුරු අතිරික්ත මිලට ගෙන බෙදාහැරීමේ යාන්ත්‍රණය නිවැරදිව ක්‍රියාත්මක කිරීමට උපදෙස් දුන් ජනාධිපතිවරයා ගොවි ආර්ථිකය බිඳ වැටීමට ඉඩ නොතැබීම අදාළ සියලු පාර්ශ්වයන්ගේ වගකීම බව කියා සිටියේය.

දේශීය අරමුදල් සහ විදේශීය ණය ආධාර යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති අදාළ ඉලක්ක නිසි ලෙස පූර්ණය කළ යුතුය. රජය විසින් ක්‍රියාත්මක කොට ඇති වැව් දස දහසේ වැඩසටහන, මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීම, ජාතික පාසල් දහස, නිවාස, ප්‍රාදේශීය රෝහල්, පානීය ජලය, පුනර්ජනනීය බලශක්තිය වැනි ව්‍යපෘති අඛණ්ඩව පවත්වාගෙන යාමට රාජ්‍ය අමාත්‍යවරුන් සහ එම ලේකම්වරු සමග සෘජු සබඳතා පවත්වා ගනිමින් කටයුතු කරන ලෙස ද ජනාධිපතිවරයා ආණ්ඩුකාරවරුන්ට සහ දිසාපතිවරුන්ට උපදෙස් දුන්නේය.

එන්නත්කරණය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා මෙරටට අවශ්‍ය සම්පූර්ණ එන්නත් ප්‍රමාණය මේ වන විට ලැබෙමින් පවතී. විද්‍යානුකූලව හා නිසි සැලැස්මකට අනුව එම ක්‍රියාවලිය සිදු කෙරෙන බව පැවසූ ජනාධිපතිවරයා එහිදී ජනතාව අසීරුතාවයට පත් නොවන අන්දමින් සෞඛ්‍ය අංශවලට අවශ්‍ය සහාය තවදුරටත් ලබාදීම දේශපාලන අධිකාරියේ මෙන්ම ආණ්ඩුකාරවරුන් ප්‍රමුඛ සමස්ත රාජ්‍ය නිලධාරීන්ගෙන් තමා අපේක්ෂා කරන බව ද පැවසීය.

ගොවීන්ට අවශ්‍ය කාබනික පොහොර නොමිලේ ලබාදීමට රජය තීරණය කර ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා කාබනික ගොවිතැන ප්‍රවර්ධනය කිරීමේ අභියෝගය ජයගැනීමට අවශ්‍ය සහාය ලබා දෙන ලෙස ද ආණ්ඩුකාරවරුන්ට කීය. කාබනික පොහොර නිෂ්පාදනය සඳහා කුඩා ව්‍යාපාරිකයන්ට සහ ගොවි සමිති වලට අවශ්‍ය ආධාර හා රාජ්‍ය බැංකු හරහා සහන පොළියට ණය ලබාදීමට රජය සැලසුම් කර ඇති බව ද සඳහන් කෙරිණ.

පවතින වසංගතය පාලනය කරමින් ජන ජීවිතය සුරක්ෂිත කිරීමට සහ අභියෝග හමුවේ වුවද රටේ ඉදිරි වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ කැපවීම ආණ්ඩුකාරවරුන්ගේ පැසසුමට ලක් විය.

වරාය, දුම්රිය, රේගු, ඉන්ධන සැපයුම්, පොදු ප්‍රවාහන සේවා, බැංකු, පළාත් පාලන ආයතන අත්‍යාවශ්‍ය සේවා ලෙස ගැසට් කිරීම තම කටයුතු පවත්වාගෙන යාමට විශාල සහනයක් වූ බව දිස්ත්‍රික් ලේකම්වරු පෙන්වා දුන්හ.

පළාත් ආණ්ඩුකාරවරු, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු සහ රාජ්‍ය නිලධාරීහු සාකච්ඡාවට එක්ව සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

එක්ස්ප්‍රස් පර්ල් නැවේ ප්ලාස්ටික් සහ පොලිතීන් කන්ටේනර 87ක්! තොගය ටොන් 3000ට වැඩියි !

Next Post

ඉරාණයේ විශාලම යුද නැව දැවී මුහුදුබත් වේ

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.