බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනපති හා ශ්‍රී.ල.නි.ප අතර පැයකට සැලසුම් කළ සාකච්ඡාව පැය 03ක් ඇදෙයි…

by editor
ජූලි 26, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ජනාධිපතිවරයා අතර තීරණාත්මක සාකච්ඡාවක් අද පැය තුනකට ආසන්න කාලයක් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විනි

පැයකට නියමිත වී තිබුණු මෙම සාකච්ඡාව මතුවූ කරුණු සම්බන්ධව වැඩි අවධානයක් යොමු කිරීම සඳහා පැය 03ක් තෙක් දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා විසින් කටයුතු කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය ඇමති දයාසිරි ජයසේකර ලංකාසරට පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ සිට ඉහළට සියලුම දෙනා දැඩි කලකිරීමක පසුවන බැවින් ඔවුන්ට සාධාරණයක් ඉටු කර පක්ෂයේ පහළ ස්ථරය ආරක්ෂා කරගැනීම සඳහා ආණ්ඩුව පැත්තෙන් ඉටුවිය යුතු කරුණු කාරණා ගණනාවක් කෙරෙහි මෙහිදී අවධානය යොමු වී ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ප්‍රමුඛ මහජන නියෝජිතයන්ටද පොදුජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරුන්ට මෙන් නිසි ලෙස මුදල් ප්‍රතිපාදන වෙන් කරමින් ප්‍රාදේශීය සංවර්ධනය හා වෙනත් වැඩ කටයුතුවලට ඔවුන් ද හවුල් කරගත යුතු බවට මෙහිදී ශ්‍රී.ල.නි.ප කණ්ඩායම ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත.

දැඩි කලකිරීමට පත්ව සිටින ශ්‍රී.ල.නි.ප මහජන නියෝජිකයින්ට ආණ්ඩුව උදව් කර ඔවුන් ආරක්ෂා කරනොගතහොත් වෙනත් දේශපාලන බලවේග සමග ඔවුන් එකතුවීමේ ඉඩකඩ වැඩි බව ද මෙහිදී පෙන්වා දී තිබේ.

වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය නිසා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙ පහළ ස්ථරය ආරක්ෂා කරගත නොහැකි බවත් ඔවුන් දිගින් දිගටම ආණ්ඩුවේ සංවර්ධන කටයුතු වලින් ඈත් කර තබා ඇති බවත් ඒ තත්වය තම පක්ෂයේ ඉදිරි ගමනට දැඩි සේ බලපා ඇති බවත් මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයන් පෙන්වා දී ඇත.

පවතින මැතිවරණ ක්‍රමය වෙනස් කරමින් රටට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමේ අවශ්‍යතාවය ශ්‍රි.ල.නි.ප නියෝජිතයන් පෙන්වා දී ඇති අතර ඒ සඳහා කඩිනමින් පියවර ගැනීමට ජනාධිපතිවරයා එකඟතාව පල කර තිබේ.

සමස්ථ ව්‍යවස්ථාවම කඩිනමින් සංශෝධනය කිරීමට නොහැකිනම් අඩුම තරමින් මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම වැදගත් බව ශ්‍රි.ල.නි. ප නියෝජිතයන් පෙන්වා දී ඇත. එය ජනාධිපතිවරයාගේ අවධානයට යොමු වී තිබේ.

වර්තමානයේ උද්ගතව ඇති ගුරු වර්ජනයත්, පොහොර ගැටලුවත් ඇතුළු තවත් කාරණා ගණනාවක් සාකච්ඡාවට ලක් කළ කර ඇත.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ශ්‍රී.ල.නි.ප මහලේකම් දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න, නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු පිරිසක් මේ සකච්ඡාව සඳහා ශ්‍රී.ල.නි.ප.ය වෙනුවෙන් සහභාගී වූහ.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගුරුවරුන්ගේ එන්නත්කරණ වැඩසහටනේ  සියයට 77ක් අවසන්…

Next Post

එන්නත් මාත්‍රා දෙකම අරගෙන සිංගප්පූරුවට එන සංචාරකයින්ට නිරෝදායනය වීම නැහැ

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.