ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ලෝක බැංකු සභාපති අජේ බංගා (Ajay Banga) අතර හමුවක් නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී අද (18) සිදු විය.
විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ඇමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත මොහාන් පීරිස් එම අවස්ථාවට එක්ව සිටියහ.







