සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනපති සහ ගේට්ස් පදනමේ නියෝජිතයින් හමු වෙයි!

by editor
ජූලි 10, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ගේට්ස් පදනමේ ගෝලීය සංවර්ධන අංශයේ ප්‍රධානී ආචාර්ය ක්‍රිස් එලායස් (Dr. Chris Elias) ප්‍රමුඛ එම පදනමේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අතර හමුවක් අද (10) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ සංවර්ධනයට අදාළ වැදගත් කරුණු රැසක් පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, කෘෂිකාර්මික නවීකරණය, අහාර හා පෝෂණය, ඩිජිටල් යටිතල පහසුකම් සහ ග්‍රාමීය ප්‍රජාව නව තාක්ෂණය සමඟ ඒකාබද්ධ කිරීම ආදී කරුණු පිළිබඳ විශේෂ අවධානයක් යොමු කෙරුන බව මේ හමුව පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පවසයි..

ගේට්ස් පදනම, මෙරට ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කරන ප්‍රමුඛ වැඩසටහනක් වන අන්තඃකරණ ඩිජිටල් කෘෂිකාර්මික පරිවර්තන (Inclusive Digital Agriculture Transformation) වැඩසටහන පිළිබඳව මෙහිදී ආචාර්ය එලායස් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක දැනුවත් කරන ලද අතර, කෘෂිකර්ම අංශයේ දත්ත මත පදනම් වූ තීරණ ගැනීමට සහාය වන අතරම, සුළු පරිමාණ ගොවීන්ට සේවා සැපයීම සඳහාද එය වැදගත් වන බව පෙන්වා දී තිබේ.

ඩිජිටල් ආර්ථිකයක් සඳහා වන ශ්‍රී ලංකාවේ උපායමාර්ගික සැලැස්මට සහාය දක්වන බව මෙහිදී සඳහන් කළ ගේට්ස් පදනමේ නියෝජිත පිරිස, ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි යථා තත්වයට ගෙන ඒම සහ වර්ධනය සඳහා කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ඩිජිටල් පරිවර්තනයක් කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බව පවසා ඇත. එසේම, සත්ව පාලනය සහ කිරි නිෂ්පාදන වැනි ක්ෂේත්‍ර ඇතුළත් පුළුල් සමාජ- ආර්ථික සංවර්ධන න්‍යාය පත්‍රයකට සිය පූර්ණ සහාය ලබා දෙන බවටද ඔවුන් සහතික වී තිබේ.

ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ ගේට්ස් පදනමේ දකුණු හා අග්නිදිග ආසියානු කලාපීය නියෝජිත ආචාර්ය ජමාල් ඛාන්, වැඩසටහන් උපදේශන, සන්නිවේදන, වර්ධන, සහ අවස්ථා අධ්‍යක්ෂ අර්ච්නා ව්‍යාස්, ව්‍යවසාය දත්ත විසඳුම් අධ්‍යක්ෂ තුෂාන් විජේසිංහ Connect To Care සංවිධානයේ සභාපති චන්දිත සමරනායක මෙම අවස්ථාවට සහභාගි වූහ.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

Tags: නවතම
Share69Tweet43
Previous Post

ප්‍රභාකරන් භාවිතා කළා යැයි සැක කරන අක්කර දෙක හමාරක් තුළ පැතිරුණු දැවැන්ත බංකරයක් හමුවෙයි… වැඩිදුර තොරතුරු සොයා කැනීම් අරඹයි!

Next Post

තරගයක් නෑ… පළමු විස්සයි 20 තරගය කඩුළු 07කින් දිනුම්… බංගලියන් අන්ද මන්ද කරමින් කුසල් සහ පැතුම් සුපිරි ආරම්භයක් ගනී…

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.