ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රි කණ්ඩායම සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර විශේෂ සාකච්ඡාවක් අද (26) දිනයේදී පැවැත්වීමට නියමිතය.
රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වූ පසුව ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම හමුවන පළමු රැස්වීම මෙය වෙයි.
අද (26) පෙවරුවේදී පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිත මෙම රැස්වීමේදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන්ගේ ගැටලු පිළිබඳ ව සාකච්ඡා කිරීමට සහ ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කිරීමටද අවස්ථාවක් ලැබෙනු ඇති බව සඳහන් වේ.
එසේම රටේ උද්ගතව ඇති ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම සඳහා දැනට ගෙන ඇති ක්‍රියාමාගර් සහ ඉදිරි පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතය.
එමෙන්ම 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවසථා සංශෝධනය ගෙන ඒම, හදිසි නීකිය පාර්ලමේන්තු අනුමතිය ට ලක් කිරීම සර්ව පාක්ෂික ආණඩුවක් පිහිටුවීම සම්බන්ධ කරුණු සාකච්ඡා කිරීම ඇතුළු පියවර මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව ආණ්ඩු පක්ෂ ප්‍රකාශකයෙක් ලංකාසර ට පැවසීය
Discussion about this post