බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනපති යෝජනා කරන සර්ව පාක්ෂික ආණ්ඩුවට ජාතික ජන බලවේගය එක් වෙන්නේ නෑ – අනුර

by editor
අගෝස්තු 3, 2022
in පුවත්
Anura-Kumara
Share on FacebookShare on Twitter
  • මේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් නොවේ… රනිල් රාජපක්ෂය ආණ්ඩුවේ බලය තහවුරු කරගන්න අනෙක් පක්ෂවල සහාය ඉල්ලීමක්…

ජනාධිපති රනිල් වික්‍රමසිංහ   විසින් යෝජනා කරන්න ලද සර්ව පාක්ෂික ආණ්ඩුව ට තමන් එක් නොවන බව හෝ ඊට සහාය නොදක්වන බව ජාතික පොදුජන පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක  පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කරන්නේ සර්ව පාක්ෂික අණ්ඩුවක් නොව රනිල් රාජපක්ෂ ආණ්ඩුව පවත්වාගෙන යෑම සඳහා අනෙක් පක්ෂවල සහයෝගයක් බවත් ඔහු පෙන්වා දෙයි. අද පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මෙසේ ද පැවසීය.

දශක ගණනාවක් පුරා පාර්ලිමේන්තුවේ විවිධ ජනාධිපතිවරුන්ගේ සැසිවාර විවෘත කිරීමේ කතා සහ අයවැය ඉදිරිපත්කිරීම් බොහොමයකට  අප සවන් දී තිබෙනවා. ඒ පැරණි කතා හැර  අලුත් කිසිවක් රනිල් වික්‍රමසිංහගේ ප්‍රකාශය තුළ අප දකින්නේ නැහැ.

සැබැවින්ම මෙය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් කරන ලද කතාවක් බඳුයි. ඔහු මෙම පාර්ලිමේනතුව අවුරුදු 45ක් නියෝජනය කරනවා. එයින් අවුරුදු 43ක් ඔහු අවස්ථා 06කදී අග්‍රාමාත්‍ය ධුර දරා තිබෙනවා. කැබිනට් අමාත්‍ය ධුර දරා තිබෙනවා. විපක්ෂ නායක ලෙස කටයුතු කර තිබෙනවා. එසේනම් ඔහු රට වැටී තිබෙන ප්‍රපාතයට වගකිව යුතු ප්‍රධානම පුරුක්වලින් එකක්. ජනාධිපතිවරයා ලෙස ඔහු කරනු ලබන ප්‍රකාශයේ කියවෙන ආර්ථික කඩාවැටීම්, වංචා දූෂණ ඉහවහා යාම පිළිබඳව කරුණු ඔහුටද අදාළ වනවා.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම ප්‍රකාශයේදී ඔහු සර්වපාක්ෂික ආණ්ඩුවක් පිළිබඳව, එකතු වී රට ගොඩනගමු වැනි කරුණු ගැන වැඩිපුර කරුණු දක්වනවා. ගෝඨාභය රාජපක්ෂ ඉවත් වූ වහාම සර්වපාක්ෂික ආණ්ඩුවක් ගොඩනැගිය යුතු බවටත් අනතුරුව කෙටි කාලයකින් මැතිවරණයකට යා යුතු බවටත් අපි කරුණු ඉදිරිපත් කළා. එහිදී කතානායකවරයා ජනාධිපතිවරයා බවට පත් වෙන්නත් සර්වපාක්ෂික ආණ්ඩුවට එකඟ වන පක්ෂවල එකඟතාවයෙන් අගමැතිවරයා තෝරා ගන්නටත් අමාත්‍ය මණ්ඩලය 10කට සීමා කරන්නටත් වංචා දූෂණ පිළිබඳ නඩු නැවත පැවරීමටත්, ඒ පිළිබඳ පරීක්ෂණ නැවත ආරම්භ කිරීමටත් අපි යෝජනා කර තිබුණා. නමුත් රනිල් සහ රාජපක්ෂ කඳවුර එකතු වී ආණ්ඩුවක් පිහිටුවා එයට එකතු වන ලෙස ඉල්ලා සිටීම කිසිසේත් සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටු වීමක් වන්නේ නැහැ. එය රනිල් – රාජපක්ෂ ආණ්ඩුවට සෙසු අය සහය දැක්වීමක් පමණයි.

සර්ව පාක්ෂික ආණ්ඩුවක මූලික පදනම ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අනාගත බල ව්‍යාපෘතියක නොයෙදෙන පක්ෂ සියල්ලම කැබිනට් මණ්ඩලයට එකතු වූ සහ කෙටි කාලයකට සීමා වූවක් විය යුතුයි. එය දීර්ඝ කාලයක් ක්‍රියාත්මක වීම ප්‍රජාතන්ත්‍රවාදයට පටහැණියි. නමුත් ජනාධිපතිවරයා විසින් ඔහු ඉදිරිපත් කරන සර්වපාක්ෂික ආණ්ඩුවේ කාලය ප්‍රකාශ කරන්නේ නැහැ. පසුගිය කාලයේ මහානායක හිමිවරුන්, නීතීඥ සංගම් හා විවිධ සිවිල් සංවිධාන විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවන්හි ඇතුළත් වූයේ කෙටි අන්තර් කාලීන ආණ්ඩුවක් පිළිබඳ යෝජනාවනුයි. නමුත් ජනාධිපතිවරයා සර්වපාක්ෂික ආණ්ඩුවේ කාර්යභාරයත්, ඒ කොපමණ කාලයක් සඳහාද යන්නත් කිසිදු විටක ප්‍රකාශ කරන්නේ නැහැ. මේ පාර්ලිමේන්තුවට තවත් වසර 03ක කාලයක් තිබෙනවා. ඔහු තම ධුරයේ සිටිමින් එම කාලය පුරාවට මේ පාර්ලිමේන්තුව ඇදගෙන යාමට සූදානම් වන බව පෙනී යනවා. එම නිසා එවැනි සර්වපාක්ෂික ආණ්ඩුවකට අප දායකත්වය සපයන්නේ නැහැ.

ඔහු යෝජනා කරන්නේ ඔහුගේ සහ රාපක්ෂවරුන්ගේ නායකත්වයෙන් ගොඩනැගෙන ආණ්ඩුවකට අනෙක් අය සහය දැක්වීමක්. එවැන්නකට අප සම්මාදම් වන්නේ නැහැ.

එහෙත් රනිල් රාජපක්ෂ ආණ්ඩුව මේ අර්බුදයෙන් ගොඩ ඒම සඳහා කෙටි කාලීන වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීමට සූදානම් නම් එම වැඩපිළිවෙළේ සාධනීය ලක්ෂණ මත පදනම්ව ඊට අපේ අදහස් ඉදිරිපත් කරමින් ඉදිරියට යා හැකියි.

 

එම සම්පූර්ණ ප්‍රකාශය පහත දැක්වේ…

Tags: නවතම
Share69Tweet43
Previous Post

විශේෂ වරප්‍රසාද නෑ… ගෝඨාභය සිංගප්පූරුව තුළ   සාමාන්‍ය සංචාරකයෙක්  – සිංගප්පූරු විදේශ අමාත්‍යාංශය

Next Post

කළුවැල්ල උසස් තාක්ෂණ ආයතනයේ රොබෝ තාක්ෂණ අංශය ගිනි ගනී….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.