බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනපති නියමයෙන් දයා ගමගේගේ කොම්පැනිය මධ්‍යම අධිවේගයෙන් ඉවතට

by Lanka Sara Editor
දෙසැම්බර් 13, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

හිටපු අමාත්‍ය දයා ගමගේ මහතාගේ ‘දයා සමූහ’ ව්‍යාපාරයට අයත් ඔලිම්පස් සමාගමට අධිවේගී මාර්ගය ඉදිකිරීමට ලබාදුන් කොන්ත්‍රාත්තුව අවලංගු කර එම ව්‍යාපෘතියෙන් ඉවත් කිරීමට රජය පියවර ගෙන තිබේ.

මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ අදහස් පළ කළේ මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වූ පළමු කොටසෙහි ප්‍රගතිය සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගි වෙමිනි.

“යහපාලන රජයෙන් තමන්ගේම කැබිනට් මණ්ඩලයේ සිටින ගජ මිතුරන්ට මාර්ගය ඉදිකිරීම සඳහා කොන්ත්‍රාත් මුදල් ලබා දුන්නා . හිටපු අමාත්‍යවරයකුට අයත් ඉදිකිරීම් සමාගමට මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියරේ කොටසක් ඉදිකිරීමට කොන්ත්‍රාත්තුව ලබා දුන්නා . අපි ඔවුන්ව දේශපාලන පළිගැනීම්වලට ලක් කළේ නෑ .අපි එම සමාගම සමඟ දිගින් දිගටම සාකච්ඡා කර මෙම කොටසේ ඉදිකිරීම් කඩිනම් කරන්නට ඔවුන්ට උපදෙස් ලබා දුන්නා .නමුත් ඔවුන් දිගින් දිගටම ඉදිකිරීම් කටයුතු ප්‍රමාද කළා.

ඔවුන්ට අයත් එම මාර්ග කොටසේ ඉදිකිරීම් අවසන් නොකර අපිට මීරිගම සිට කුරුණෑගල දක්වා මාර්ග කොටස ජනතාව වෙනුවෙන් විවෘත කරන්න බැහැ .මේවා රටේ ජනතාවගේ මහජන මුදල් .අපි රටේ ජනතාවට වගකියන ආණ්ඩුවක් .එම සමාගමට ගෙවිය යුතු මුදල් ගෙවීමට අප තීරණය කළා .මුදල් ලබාගත් පසු ඔවුන් කලේ දිගින් දිගටම එම මාර්ග කොටසේ ඉදිකිරීම් පමා කිරීමයි. ජනාධිපතිතුමා සමග අපි සාකච්ඡා කර මුදල් ලබාගත් පසුවත් හිතාමතා ඉදිකිරීම් කටයුතු පැහැර හරින හිටපු අමාත්‍යවරයාට මහතාට අයත් ඔලිම්පස් සමාගමට අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් වෙනුවෙන් ලබාදුන් කොන්ත්‍රාත්තුව අවලංගු කරලා ඔවුන්ව අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් වලින් ඉවත් කිරීමට අපි කටයුතු කළා .

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

එම මාර්ග කොටසේ ඉදිකිරීම් මේ වන විට නියමිත දිනට වැඩ අවසන් කළ සමාගමකට භාර දීමට අපි කටයුතු කළා .ලබන වසරේ මාර්තු මස අවසානයේදී මීරිගම සිට කුරුණෑගල දක්වා කොටසේ වැඩකටයුතු අවසන් කර මහජනතාවට ගමනාගමනය සඳහා විවෘත කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.පසුගිය රජය විසින් ගත් වැරදි ක්‍රියා මාර්ග නිසා තමයි මෙම මාර්ගයේ සංවර්ධනය අඩාල වුණේ .

මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමුවන අදියර වන කඩවත සිට මීරිගම දක්වා වූ කොටස කොටස ඉදිකිරීම පිළිබඳ අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමට ලබාදුන් පළමු කොන්ත්‍රාත්තුව තමයි කඩවත සිට මීරිගම දක්වා වූ කොටස .මෙම කොටසේ කොන්ත්‍රාත්තුව මාස තුනක් ඇතුළත අනුමත කළා .රටේ ආර්ථිකය වැටුනු නිසා පසුගිය රජයට මෙම අදියර සඳහා මුදල් යෙදවීමට නොහැකි වුණා .ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට මුලින් ලබාදිය යුතු සියයට පහලවේ මුදල් ප්‍රමාණය යහපාලන රජයට ලබා දීමට බැරි වුණා .අපේ රජය බලයට පත්වූ වහාම මෙම කොටස ඉදිකිරීමට අවශ්‍ය 15% අපි ලබා දුන්නා .වෙන ආණ්ඩුවක් බලයට පත් උනානම් ඔවුන් මුලින්ම කරන්නේ මෙහි අක්‍රමිකතා සොයලා , ඔවුන්ව අවලංගු කරන එකයි .නමුත් අපි මෙම මාර්ග කොටස කඩිනමින් ආරම්භ කිරීමට ඔවුනට මුදල් ලබා දුන්නා .නමුත් අද දින මෙම කඩවත සිට මීරිගම දක්වා කොටස නිරීක්ෂණයෙන් පසුව අපි තීරණය කලේ අපි ලබාදුන් මුදලට ප්‍රමාණවත් ඉදිකිරීම් කිරීමට ඉදිකිරීම් සමාගම අපොහොසත් වී ඇති බවයි .මෙම මාර්ග කොටස මාර්ග සංවර්ධන අධිකාරියට පවරා ගෙන අවුරුදු දෙකහමාරක් ඇතුළත වැඩ කටයුතු අවසන් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.”

මේ අවස්ථාවට මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර්.පේමසිරි, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතලුවගේ, ව්‍යාපෘති අධ්‍යක්ෂ ඩබ්ලිව්.කේ. කොඩිතුවක්කු ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ .

Tags: නවතම
Share69Tweet43
Previous Post

දිවුලපිටියේ කොවිඩ් මරණයක්…

Next Post

කොවිඩ්වලට හැදෙන දේශීය බෙහෙත් විද්‍යානුකූලව හරි ඉක්මනින් සොයන්න – අගමැති කියයි

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.