පළමු වර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ නීතිපති සංජය රාජරත්නම්ගේ ධුර කාලය තවත් මාස 6කින් දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා කළ යෝජනාව දෙවන වරටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වෙැනි වරද අද (26) එම යෝජනාව එම සභාවෙන් ප්‍රතික්ෂේප වී තිබේ.
දෙවැනි වරටත් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව පිළිබඳ විමසා බැලීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදයක සභාව කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද (26) රාත්‍රියේ ඔහුගේ නිල නිවසේ දී රැස් විය.
මෙහිදී ඡන්දයක් පවත්වා ඇති අතර අදාළ යෝජනාවට විරුද්ධව මන්ත්‍රීවරුන් 5 දෙනෙකු සහ පක්ෂව මන්ත්‍රීවරු 3 දෙනෙකු ඡන්දය භාවිත කර ඇත.
මින් පෙර එම යෝජනාව සම්බන්ධව සලකා බැලූවේ පසුගිය 18 වැනිදා ය. එදින ද ජනාධිපතිවරයාගේ යෝජනාවට පක්ෂව ලැබී තිබුණේ ඡන්ද 3ක් පමණි. ඡන්ද පහක් විරුද්ධව ලැබීම නිසා යෝජනාව ප්‍රතික්ෂේප විය.
නීතිපති සංජය රාජරත්නම් වෙත මාස හයක සේවා දිගුවක් ලබා දීමට ජනාධිපතිවරයා නිර්දේශ කරන්නේ මේ මස මුලය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය අනිවාර්යවන මෙම සේවා දිගුවට අදාලව අනුමැතිය ලබා දීම පසුගිය 10 වැනිදා රැස් වූ එම සභාව විසින් කල්දැමේය. 18 වැනිදා ජනාධිපතිවරයාගේ එම නිර්දේශය සම්බන්ධව තීරණය ලබා දෙන බව කී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව 18 වැනිදා රැස් වී එය ප්‍රතික්ෂේප කළේය.
එය අත් නොහැරි ජනාධිපතිවරයා දෙවැනි වරටත් එම නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දායක සභාවට ඉදිරිපත් කළත් දෙවැනි වරත් එම සභාවෙන් ජනාධිපති නිර්දේශය ප්‍රතික්ෂේප උනේය.
විශ්‍රාම යන නීතිපතිවරයාට මෙම සේවා දිගුව ලබා දීමට ජනාධිපතිවරයා කළ ඉල්ලීම සම්බන්ධව සමාජයේ දැඩි විරෝධය මතු විය. කතෝලික පල්ලිය ඊට බරපතල විරෝධය දැක්වූයේ ජනාධිපතිවරයා නීතිපතිගේ සේවා දිගුව කතෝලික සභාව පාවිච්චි කරමින් ලබා දෙන්නට යන බව කියමිනි.
මේ මස අවසන් වනවිට නීතිපති සංජය රාජරත්නම් ගේ සේවා කාලය අවසන් වී ඔහු විශ්‍රාම යෑමට නියමිතය. ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් 2021 මැයි මස 26 වැනිදා මෙරට 48 වැනි නීතිපතිවරයා ලෙස ජ දිවුරුම් දුන්නේය.







