මහ මග දී මරා දැමූ භාරත ලක්ෂ්මන් ප්රේමචන්ද්රවන සිය පියාට අවසන් ගෞරව දැක්වීමට එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලේ බොහෝ දෙනෙක් පැමිණි නමුත් ගෝඨාභය රාජපක්ෂ පියාගේ මල ගෙදරවත් නොපැමිණි බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කියයි.
ඇය ජනාධිපතිවරයාට සිහි කැඳවීමක් කරමින් කියන්නේ පියා මරා දැමූ මොහොතේ සිට ඔහු විසින් සිදු කරනු ලැබුවේ පියාගේ ඝාතකයා වූ දුමින්ද සිල්වාට ප්‍රතිකාර කිරීමට ලෝකය වටේ රැගෙන යෑම සඳහා වෙහෙසීම බවය.
පියාගේ මරණයට හේතුව ලෙස තමන් කල්පනා කරන්නේ ඔහු මරා දැමීමට දින කීපයකට පෙර කරන ලද ප්‍රකාශයක් බවත්, ඉන් කැයැවුනේ “ ආරක්ෂක ලේකම්ජ නාධිපතිවරයාගේ සහෝදරයාව අරගෙන මේ කොලොන්නාවෙ සංවිධායකයා කුඩු විකුණන ගෙයක් ගානෙ අරගෙන යනවා,… මේ පලාත් පාලන මැතිවරණයෙන් පසු අපි සියලු දෙනා එකතුවෙලා ප්‍රසන්නව දිනවනවා විතරක් නෙමෙයි, අපි අමාරුවෙන් හදාගත්තු රාජපක්ෂ පරපුර මේ කුඩු කාරයන්ගෙන් බේරගන්නත් අපි සටන් කරන බවත් මම මේ අවස්ථාවේ කියන්න ඕන….“ යන වචන ටික බවත් ඇය කීවාය.
එසේ පියා මරා දැමූ පසු පැවරුණ නඩුවෙන් අධිකරණ මණ්ඩල දෙකකින් චූදිත වී මරණීය දණ්ඩනය තහවුරු කර තිබිය දී දුමින්ද සිල්වා නිදහස් කිරීම කුමණ ලෝක ධර්මතාවයකට එකඟදැයි ඇය ප්‍රශ්න කර ඇත.
එම ලිපිය පහත දැක්වේ.