කීර්ති ප්‍රනාන්දු –
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ලංකාවේ නොමැති බවත් ආසන්න රටක සිටින බවත් කථානායක මහින්ද යාපා අබේවර්ධන බිබිසී පුවත් සේවයට ප්‍රකාශ කර ඇතත් කටුනායක ගුවන්තොටුපලින් ජනාධිපතිවරයා හෝ කිසිම ප්රභූවරයෙක් පිටත් වී ගොස් නැති බව ගුවන්තොටුපල ආරංචි මාර්ග තහවුරු කරයි.
මේ අතර සුලු වෙලාවකට පෙර කතානායකවරයා නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් සඳහන් කර තිබුණේ බීබීසී සාකච්ඡාවේ දී තමන්ට වැරදුණ බවත් ජනාධිපතිවරයා රටේ සිටින බවත්, ජනාධිපතිවරයා තමන් සමග නිරන්තරයෙන් සම්බන්ධ වන බවත්ය. බීබීසිය සමග සාකච්ඡාවේ දී රටේ නැිත ජනපති ලබන 13 වැනිදා ලංකාවට පැමිණීමට නියමිත බව පවසා තිබිණි.
ජනපති රටේ නැති බව කතානායක කියන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද පෙරවරුවේ ආරක්ෂක අංශ ප්‍රධානින් ඇතුළුව රජයේ ඉහළ පෙළේ නිලධාරින් පිරිසක් සමග සාකච්ජාවක් ද පවත්වා ඇති බව වාර්තා වී ඇති පසුබිමකය.
කෙසේ වෙතත් ජනාධිපතිවරයා ඇතුළු 17 දෙනෙක් රටින් පිටවීමට සූදානම් බව සමාජ මධ්‍ය වාර්තා කර තිබිණි. අද සවස 6.25ට පිටත් වීමට නියමිත ගුවන් යානයක් මේ වනතුරුත් පිටවී ගොස් නැති බව ගුවන්තොටුපල ආරංචි මාර්ග ලංකාසරට තහවුරු කළේය.







