කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශ කිහිපයක විෂය පථයන් වෙනස් කිරීමට ජනාධිපතිවරයා පියවර ගන්නා ලද්දේ එම අමාත්‍යාංශවල කාර්යක්ෂමතාව වැඩිකිරීමේ අරමුණින් බව කැබිනට් සම-ප්‍රකාශක, අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශ 10ක විෂය පථයන් වෙනස් කර තිබුණි.
ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන තිබුණේ රාජ්‍ය අමාත්‍යාංශ ධුරයෙන් සුසිල් ප්‍රේමජයන්ත් මහතා ඉවත් කිරීමෙන් පසුව හා අමාත්‍යවරුන් ගණනාවක් එම ධුරවලින් ඉවත් කෙරෙන බවට දේශපාලන ආරංචි පැතිර යන අවධියකදී ය.