fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනපතිගේ ඇමතීමෙන් පසු මහබැංකුව ඇහැරෙයි

වසර 2ක් ago
in පුවත්
459 5
0
Share on FacebookShare on Twitter

 

කොවිඩ් 19 වසංගතයෙන් බලපෑමට ලක් වූ ශ්‍රි ලංකාවේ ආර්ථිකය යළි ගොඩ නැගීම සඳහා විධිමත් පියවර නොගත් බවට ජනාධිපතිවරයාගේ දැඩි දෝෂාරෝපණයට ලක් වූ ශ්‍රි ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය ඊයේ (16) සවස් යාමයේ හදිසියේ රැස් වූ අතර එහිදී නව ණය සහ සහන වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීමටත් බලපත්‍ර ලාබී බැකු සඳහා ව්‍යවස්ථාපිත සංචිත අනුපාත සියයට දෙකකින් අඩු කිරීමටත් තීරණය කර ඇත.

ඊයේ රැස් වූ මහ බැංකුවේ මුදල් මණ්ඩලය මේ අනුව නව සහන වැඩසටහන් සහ ව්‍යවස්ථාපිත සංචිත පොලී අනුපාත අඩු කිරීම පිළිබඳව තීරණවලට එලඹ තිබේ.

මේ පිළිබඳව මාධ්‍ය නි‍වේදන දෙකක් නිකුත් කර ඇති ශ්‍රි ලංකා මහ බැංකුව පවසන්නේ ආර්ථිකය නගා සිටුවීම සඳහා රජයේ ප්‍රයත්නයන්ට සහාය දීමක් වශයෙන්, 1949 අංක 58 දරන මුදල් නීති පනතෙහි 83 වගන්තිය යටතේ නව ණය වැඩසටහන් හඳුන්වා දීමට මුදල් මණ්ඩලය තීරණය කරන ලද බවයි.

2020 මාර්තු මස 27 වැනි දින හඳුන්වා දුන් ප්‍රතිමූල්‍යකරණ යෝජනා ක්‍රමය යටතේ දැනටමත් ලබා දී ඇති රුපියල් බිලියන 27.5ට අමතර ව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී වාණිජ බැංකුවලට සියයට 1.00ක සහන පොලී අනුපාතිකයක් යටතේ පුළුල් පරාසයක ඇපකර පොරොන්දු මත අරමුදල් ලබා දෙනු ඇත.

එම පහසුකම දේශීය ව්‍යාපාර බොහොමයක් සඳහා ‌බෙදී යෑම සහතික කරමින් බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් එම අරමුදල් 4.00ක පොලී අනුපාතිකයක් යටතේ ව්‍යාපාරවලට ලබා දෙනු ඇත.

මෙම යෝජනා ක්‍රමය සහ දැනට පවතින ප්‍රතිමූල්‍ය යෝජනා ක්‍රමය මගින් කොවිඩ්-19 වසංගතයෙන් බලපෑමට ලක්වූ ව්‍යාපාර සඳහා සම්පූර්ණ වශයෙන් රුපියල් බිලියන 150ක් සැපයෙනු ඇත.

මීට අමතර ව, ඉදිකිරීම් අංශයේ ව්‍යාපාර විසින් අතීතයේ සිදු කරන ලද කොන්ත්‍රාත් ව්‍යාපෘති සඳහා ලැබිය යුතු මුදලට සමාන ව රජය විසින් නිකුත් කෙරෙන ඇපකරයක් මත ඉහත සඳහන් සහනදායී පොලී අනුපාතික යටතේ ණය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අරමුදල් සම්පාදනය කෙරෙමින් එම ව්‍යාපාර සඳහාම වෙන් වූ ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දෙනු ලැබේ.

මීට අමතර ව බලපත්‍රලාභී වාණිජ බැංකුවල සියලු රුපියල් තැන්පතු වගකීම් සඳහා අදාළ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2020 ජුනි 16 වන දිනෙන් ආරම්භ වන සංචිත පවත්වා ගෙන යෑමේ කාල පරිච්ඡේදයේ සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 2.00 දක්වා පදනම් අංක 200කින් අඩු කිරීමට තීරණය කර ඇත.

ව්‍යවස්ථාපිත සංචිත අනුපාත යනු බලපත්‍රලාබභී මූල්‍ය ආයතන තමන් ගනුදෙනුකරුවන්ගෙලන් ලබා ගන්නා තැන්පතුවලට සමානුපාතිකව මහ බැංකුවේ මුදල් තැන්පත් කළ යුතු ප්‍රතිශතයයි.

මෙම ප්‍රතිශතය අඩු කිරීම තුළින් කැන්පතුවලට සාපෙක්ෂව මූල්‍ය ආයතනවල ශේෂ වන මුදල වැඩි වන අතර එය දේශීය මුදල් වෙළෙඳපොළ වෙත රුපියල් බිලියන 115ක අතිරේක ද්‍රවශීලතාවක් සැපයේ.

එමගින් බලපත්‍රලාභී වාණිජ බැංකුවල අරමුදල් පිරිවැය අඩු කිරීමටත් ආර්ථිකයේ ණය ප්‍රවාහ ගලා යෑම වේගවත් කිරීමටත් මූල්‍ය පද්ධතියට හැකියාව ලබා දෙයි.

මෙම තත්ත්වය යටතේ අඩු පිරිවැයක් යටතේ ව්‍යාපාර සහ කුටුම්භ වෙත ණය ලබාදීම ඉහළ නංවමින් මූල්‍ය අංශය විසින් ඉහළ මට්ටමේ ද්‍රවශීලතාව සහ අරමුදල් පිරිවැය පහළ යෑමෙහි ප්‍රතිලාභය ආර්ථිකය වෙත ප්‍රමාදයකින් තොර ව ලබා දීම සඳහා කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

පමා වෙවී ඉඳිනට නැත වේලා…!

Next Post

කොටින් විසින් මරා වළදැමූ හමුදා භටයෙකුගේ තොරුතුරු හමුවේ

Related Posts

මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශ ලේකම් අධිකරණයට ඇඟිලි ගැසුවා ද?.  නීතිඥ සංගමය අගවිනිසුරු සහ නීතිපතිගෙන් අසයි!

මැයි 20, 2022

“බස් ගිනි තැබූ අය අත්අඩංගුවට ගන්න “ – බස්රථ හිමියෝ පොලිස්පතිගෙන් ඉල්ලති!

මැයි 20, 2022

ගුවන් තොටුපලේ ගින්නක් ! ජිනිවා ගුවන් අවකාශය වැසෙයි !

මැයි 20, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශ ලේකම් අධිකරණයට ඇඟිලි ගැසුවා ද?.  නීතිඥ සංගමය අගවිනිසුරු සහ නීතිපතිගෙන් අසයි!
  • “බස් ගිනි තැබූ අය අත්අඩංගුවට ගන්න “ – බස්රථ හිමියෝ පොලිස්පතිගෙන් ඉල්ලති!
  • “ඔබ විකිණුනා ද? “… “මේ පජාත දේශපාලන කතා නිසා තමයි එළියට බහින්න බැරිව 225ම ගුටි කන්නෙ
  • ගුවන් තොටුපලේ ගින්නක් ! ජිනිවා ගුවන් අවකාශය වැසෙයි !
  • ගොඩ බාපු ගෑස්වලින් සියයට 60ක් බස්නාහිර පළාතට දෙන්න! කෝප් කමිටුව ලිට්රෝට කියයි

ජනප්‍රිය පුවත්

  • රට අගොස්තුවේ සිට අහාර හිඟයක… මාර්තු වනතුරු ජීවත් වන හැටි ප්‍රශ්නයක්… අගමැති කියයි…

    244 shares
    Share 98 Tweet 61
  • සැඟවී සිට පැමිණි නාමල්  සාධාරණය ඉල්ලයි… සී.අයි.ඩී. ගිහින් කටඋත්තරත් දුන්නලු…

    239 shares
    Share 96 Tweet 60
  • තවත් කැබිනට් ඇමතිවරු 09ක් දිවුරුම් දෙති… වැටුප් නෑ කී විට එන්න හිටපු අය හැලිලා….

    229 shares
    Share 92 Tweet 57
  • අප්පිරියා හිතුණා! ඇමතිකම ගත්තේ මූණවත් නොබලා ! හරීන් කියයි

    172 shares
    Share 69 Tweet 43
  • අගමැතිගේ කමිටු හතර පතුරු ගසමින් පරිපාලන නිලධාරීන්ගේ සංගමයෙන් අග්‍රාමාත්‍ය ලේකම්ට  ලිපියක්!  

    261 shares
    Share 104 Tweet 65
  • ලොක්කන්ගේ කීමට  නීතිය අවභාවිතා නොකළ නිසා පන්නා දැමූ බම්බලපිටිය  OIC යළි එම තනතුරට…

    172 shares
    Share 69 Tweet 43

Highlights

ගුවන් තොටුපලේ ගින්නක් ! ජිනිවා ගුවන් අවකාශය වැසෙයි !

ගොඩ බාපු ගෑස්වලින් සියයට 60ක් බස්නාහිර පළාතට දෙන්න! කෝප් කමිටුව ලිට්රෝට කියයි

O/L විභාගය පැවැත්වෙන කාලයේ විදුලිය කැපෙන්නෙ මෙහෙමයි…

21 ලෑස්තියි… සඳුදා කැබිනට් අනුමැතියට යොමු කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා… අධිකරණ ඇමති කියයි…

අරගල කරුවන්ට ගැහුවේ පොලිසිය 2000ක් රාජකාරියේ යොදවා සිටිය දී… CID ය අධිකරණයට කියයි!

නාමල් CID එයි…

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශ ලේකම් අධිකරණයට ඇඟිලි ගැසුවා ද?.  නීතිඥ සංගමය අගවිනිසුරු සහ නීතිපතිගෙන් අසයි!

by editor
මැයි 20, 2022
0

මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල්...

“බස් ගිනි තැබූ අය අත්අඩංගුවට ගන්න “ – බස්රථ හිමියෝ පොලිස්පතිගෙන් ඉල්ලති!

by editor
මැයි 20, 2022
0

බස් රථ ගිනි තැබූ අයව වහාම අත්අඩංගුවට...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist