තම රජය යටතේ ජාතික ඉඩම් කොමිසම සහ සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසම පිහිටුවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (14) ප්‍රකාශ කළේය.
යාපනයේ පැවති ජන රැලියකදී ඔහු කියා සිටියේ ඉදිරි වසර පහ තුළ අතුරුදහන් වූවන්ගේ ප්‍රශ්නය විසඳීමට නවාස් විනිසුරුවරයා අදාල කොමිසම හරහා කටයුතු කරනු ඇති බවය.
උතුරේ ප්‍රශ්න දේශපාලන ප්‍රශ්නවලට පමණක් සීමා කළ නොහැකි බවත් සංවර්ධනය ද අවශ්‍ය බවත් ජනාධිපතිවරයා පැවසීය.
එසේ නොවුවහොත් අනෙකුත් පළාත් සංවර්ධනයෙන් ඉදිරියට යන විට උතුර පසුගාමී විය හැකි බව ද උතුරේ දේශපාලන ප්‍රශ්න පමණක් නොව සංවර්ධන ප්‍රශ්න ද විසඳා දෙන බව ජනාධිපතිවයා වැඩි දුරටත් කීවේය.







