සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනතා බදු මුදලින් දෙන සහන අනවශ්‍ය ලෙස ගන්න එපා… එය අපරාධයක්… මහ බැංකු අධිපති නුවර දී    වටිනා කතාවක් කියයි…

by editor
දෙසැම්බර් 21, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

අසේල කුරුළුවංශ 

  • ව්‍යාපාරයක් කරනවා නම් ආපදාවක දී මිනිස්සුන්ගෙන් හානි පූර්ණයක් බලාපොරොත්තු නොවී රක්ෂණයක් කරගන්න… නැතිනම් ගොඩනැගෙන්න හැකි තැන්පත් ධනයක් තියා ගන්න…

  • රක්ෂණයක් කියන්නේ ගෙවන මුදලට ප්‍රතිපූර්ණය කරන එකක් නෙවෙයි. රක්ෂණය කියන්නේ තමන්ගේ පහසුව හා සහනය වෙනුවෙන් ගෙවන මුදලක්. ගමේ මරණාධාර සමිතිය කියන්නේ එක්තරා විදිහක රක්ෂණ සමාගමක්.

ව්‍යාපාර රක්ෂණය කිරීමට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් අති බහුතරයක් කටයුතු නොකිරීම නිසා ආපදා අවස්ථාවකින් පසු ඔවුන් යළි නගා සිටුවීම සඳහා මහජන මුදල් වැය කිරීමට සිදුව තිබෙන බවත් ඉදිරියේදී හෝ මෙම තත්ත්වය නතර විය යුතුව තිබෙන බවත් බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ  පවසයි.

ව්‍යාපාර රක්ෂණය කර තිබුණේ නම් හානි පූර්ණය රක්ෂණ මුදල් මගින් පහසුවෙන් කරගත හැකි නමුත් මේ වනවිට රජය බදු  ලෙස ජනතාවගෙන් උපයා ගත් මුදල් සහ බැංකු මගින් තැන්පත්කරුවන්ට පොලී ලෙස ගෙවිය යුතු මුදල් ඒ සඳහා යෙදවීමට සිදුව තිබෙන බව ද ඔහු කීය.

ස්වභාවික ආපදාවෙන් හානි වූ ව්‍යාපාර යළි ගොඩනැගීම සඳහා  රාජ්‍ය හා පෞද්ගලික බැංකු මගින් ලබාගත හැකි සහයෝගය පිළිබඳව මධ්‍යම පළාතේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් දැනුවත් කිරීමෙ අරමුණින්  මහනුවර Kandy City Centre හිදී ඊයේ (20)  පැවැති සම්මන්ත්‍රණයක දී මහ බැංකු අධිපතිවරයා මේ බව පැවසුවේය.

කැන්ඩි සිටි සෙන්ටර් හි කළමනාකාර අධ්‍යක්ෂ තුසිත විජයසේනගේ අදහසකට අනුව සංවිධානය කළ මෙම සම්මන්ත්‍රණයට රජයේ හා පෞද්ගලික බැංකු 07 ක ප්‍රධානීන් සහභාගි වූහ. සම්මන්ත්‍රණයෙන් පසු ව්‍යාපාරිකයන්ට   බැංකු කරුවන් හමුවී ව්‍යාපාර යළි ගොඩ නැගීම පිණිස අවශ්‍යය මග පෙන්වීම්  මෙන්ම බැංකු මගින් ලබාගත හැකි ණය පහසුකම් පිළිබඳව උපදෙස් ලබා ගැනීමට ද අවස්ථාව සලසා තිබිණි.

තුසිත විජයසේන මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහට සමරු තිළිණයක් ලබාදුන් අයුරු.

එහිදී මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ   මෙසේද පැවසුවේය.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

“ආපදාවන්ට මුහුණ දී ව්‍යාපාර යළි ආරම්භ කිරීමේ බලාපොරොත්තුවෙන් සිටින ව්‍යවසාකයින්ට ණය ලබා දීමේදී මහ බැංකුවට පැමිණිලි නොලැබෙන ආකාරයෙන් කටයුතු කිරීම රාජ්‍ය හා පෞද්ගලික බැංකු පද්ධතියේ වගකීමක්.  මේ සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු ආකාරය විධිමත්ව චක්‍රලේඛනයක් මගින් දැනුම් දී තිබුණත් එම කරුණු බැංකු පද්ධතියේ ඉහළ සිට පහළට නිසියාකාරව සන්නිවේදය නොවීමෙන් ණය අපේක්ෂාවෙන් බැංකු කරා පැමිණෙන පිරිස් අපහසුතාවට පත්වන අවස්ථා පවතිනවා. “

“බැංකුවක මුදල් වලින් 80 % ක් පමණම තිබෙන්නේ තැන්පත් කරුවන්ගේ මුදල්. අයිතිකරුවන්ගේ මුදල් තිබෙන්නේ 10 % ක් විතර ප්‍රමාණයක්. ඉතුරු 10 % කොටසත් බැංකු මගින් ණයට ගත් ඒවා. අපේ රටේ සියලුම ජනතාවගේ තැන්පත් මුදල් දැනට ට්‍රිලියන 20 ක් පමණ බැංකු පද්ධතිය තුළ තියෙනවා. රටේ මිලියන 22 ක් වන ජනතාවගේ ට්‍රිලියන 20 ක මුදල් වල භාරකාරයෝ තමයි මේ බැංකු පද්ධතිය. බැංකු පද්ධතියට මොනවා හරි වුණොත් මුළු රටේ ජනතාවගේ ඉතිරි කිරිම් තැන්පත් සම්පූර්ණයෙන්ම නැත්තටම නැතිවෙලා යන්න පුළුවන්. රටවල් වල එහෙම වෙලා තියෙනවා. මහ බැංකුවේ වගකීම තමයි මේ බැංකු පද්ධතිය ස්ථාවරත්වය ආරක්ෂා කර ගැනීම. මහ බැංකුව හැම තිස්සේම ඒ අරමුණින් තමයි පද්ධතිය නියාමනය කරන්නේ.

ආපදාවෙන් පසු කුමක් විය හැකි ද?

ස්වභාවික ආපදා තත්ත්වයේ බලපෑම හේතුවෙන් සැපයුම් මාර්ගවල බිඳ වැටීම මත උද්ධමනයේ සුළු වැඩිවීමක් තාවකාලිව සිදුවීමේ ඉඩක් තිබෙනවා.  මාස දෙකක් වැනි කෙටි කාලයකදී  එය යථා තත්ත්වයට පත්වේවි. මේ වනවිට රටේ උද්ධමනය 2 % ක අගයක පවතිනවා.  එය 3-5 % දක්වා ඉහළ ගියත් පොලී අනුපාත වැඩි වීමට ඉඩක් නැහැ. මහ බැංකුව මගින් රටේ පොලී අනුපාතය තීරණය කරනු ලබන්නේ  මුදල් ප්‍රතිපත්ති අනුවයි.  ඉදිරියේදී ඇතිවින උද්ධමනය මත තමයි  මුදල් ප්‍රතිපත්තිය තීරණය වෙන්නේ.

නොමිලේ දෙන නිසා මුදල් අවශ්‍යතාව නොමැති කෙනාටද එය ලබා ගැනීමේ උනන්දුවක් ඇතිවිය හැකියි. රජය නොමිලේ ලබා දෙන්නේ පුරවැසියන්ගෙන් බදු ලෙස අයකර ගත් මුදල් බව අප තේරුම් ගැනීම වැදගත්. මෙම අවස්ථාවවේ බැංකු පද්ධතිය මත අනවශ්‍යය බරක් නොපටවමින්  රජය පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් වගකීමක් ගෙන බදු ලෙස අයකර ගත් මුදල් අවශ්‍යය අවස්ථාවේ ඔවුන් වෙනුවෙන් වැය කිරීම වැදගත් කාර්යභාරයක් ලෙස පෙන්වා දෙන්න පුළුවන්.

ගමේ මරණධාර සමිතිය කියන්නෙත් රක්ෂණ සමාගමක්

අපේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් තමන්ගේ ව්‍යාපාර රක්ෂණය කරන්න දක්වන්නේ ඉතා අඩු උනන්දුවක්. ඒ අය මේක අනවශ්‍යය දෙයක් ලෙස දකිනවා. මෙවැනි ව්‍යසන අවස්ථාවක දී අති විශාල පාඩුවක් වුණාම ඒක පියවා ගැනීමට නොහැකි වීමෙන් මේ ව්‍යාපාරිකයින් දැඩි අසීරුතාවට පත්වෙනවා. රජය සහන ලෙස මේ අයට පෙරළා දෙන්නේ ජනතාවගේ බදු මුදල්.

බැංකු මගින් අඩු පොළියට ණය ලබා දීමේදී තැන්පත් කරුවන්ගේ පොලී අනුපාත අඩු වෙනවා. එහිදී මේ ලබාදෙන සහන වෙනුවෙන් යම් ආකාරයකට තැන්පත්කරුවන්ද ඔවුන්ට ලැබිය යුතු මුදලින් කැප කිරීමක් කරනවා. ව්‍යාපාරයට යම් අවධානමක් තිබෙනවා නම් රක්ෂණය කරන්න ඕන. එහෙම නැත්නම් හානි පූර්ණය කරගන්න අවශ්‍යය මුදල් තමන් ළඟ තියෙන්න ඕන. රක්ෂණයක් කියන්නේ ගෙවන මුදලට ප්‍රතිපූර්ණය කරන එකක් නෙවෙයි. රක්ෂණය කියන්නේ තමන්ගේ  පහසුව හා සහනය වෙනුවෙන් ගෙවන මුදලක්. ගමේ මරණාධාර සමිතිය කියන්නේ එක්තරා විදිහක රක්ෂණ සමාගමක්. අපි මාසිකව සුළු මුදලක් ගෙවනවා. මරණයක් සිදුවූ අවස්ථාවක මිනී පෙට්ටිය මිලට ගැනීමේ සිට සියලු කටයුතු වලට යන වියදම සමිතිය මගින් ලබා දෙනවා. එය අපට එක්තරා විදිහක සහනයක්.

ඉදිරියේදී අපට ස්වභාවික ආපදා වලට තවත් මුහුණ දෙන්න සිදුවෙයි. ඒ නිසා ඒවට සූදානම් වීම ඉතා වැදගත්. හැම වෙලාවෙම තමන්ගේ ව්‍යාපාර ගොඩ ගන්න අනෙක් අය උදව් කරයි කියලා හිතන්න එපා. තමන්ට පුළුවන් තමන්ගේ ශක්තියෙන් හානි පූර්ණය කරගෙන නැගී සිටින්න. ඒකට තමයි රක්ෂණය තියෙන්නේ. ඒකට උන්නදුවක් නැත්නම් තමන් මේ වගේ අවස්ථාවක ප්‍රයෝජනයට ගන්න යම් මුදලක් වෙන්කර තබා ගත යුතුයි. එසේ නොමැතිව ඒ බර ජනතාව මත පැටවීම සාධාරණ නැහැ. අඩු පොළියට දෙන නිසා ණය ප්‍රමාණය ඉක්මවා ගන්න එපා. තමන්ට අවශ්‍ය්‍ය ප්‍රමාණය පමණක් ගන්න. නොමිලේ රජයෙන් දෙන සහන අවශ්‍යය නැත්නම් ඒක වෙනත් වැඩකට යොදා ගැනීම සඳහා ඉඩ දෙන්න.

මෙම අවස්ථාවට කැන්ඩි සිටි සෙන්ටර් හි කළමනාකාර අධ්‍යක්ෂ තුසිත විජයසේන, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ලංකා බැංකුවේ මහ කළමනාකාර වයි.ඒ ජයතිලක, කොමර්ෂල් බැංකුවේ ප්‍රධාන විධායක සමන් රණතුංග,හැටන් නැෂනල් බැංකුවේ ප්‍රධාන විධායක දමිත් පල්ලේවත්ත,මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි වික්‍රම නාරයන, සම්පත් බැංකුවේ ප්‍රධාන විධායක දිපාල් ද සිල්වා,ඩී.එෆ්.සී.සී බැංකුවේ ප්‍රධාන විධායක ෂර්වින් මර්සිලින්, එන්.ඩී.බී බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සංජය පෙරේරා, සිටි සෙන්ටර් හි ජ්‍යෙෂ්ඨ සහකාර සාමාන්‍යාධිකාරි මාධව ජයසිංහ   ඇතුළු පිරිසක් සහභාගි වූහ.

ඡායාරූපය- තුසිත විජයසේන මහතා මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතාට සමරු තිළිණයක් ලබාදුන් අයුරු.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පොලිසියෙන් හාලා ඉවරයි… රන්වල එන්න… ඇවිත් වපුරන්න….

Next Post

බුදුන් දුටු හිමිවරු….

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.