ලලිත් චාමින්ද –
ශ්‍රි ලංකා මහජන උපයෝගිතා කොමිසම් සභාව විසින් ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිසම් සභාවේ නිර්දේශ හා මහාභාණ්ඩාගාරයේ පුර්ව අනුමැතිය ලබා ගැනිමකින් තොරව සිය ආයතනයේ කාර්යමණ්ඩලය සඳහා දිමනා වර්ග දහයක් යටතේ ඉකුත් වර්ෂය තුළදි (2022) රුපියල් මිලියන 58.9ක මුදලක් ගෙවා ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.
එමෙන්ම කොමිසම් සභාවේ නිලධාරින් 20 දෙනෙකු විසින් රාජ්‍ය හා පුද්ගලික බැංකු වලින් රුපියල් මිලියන 95.6ක නිවාස හා දේපල ණය ලබාගෙන තිබුණි. එකි ණය මුදල් වෙනුවෙන් වු රුපියල් මිලියන 3.9ක් වු පොලි මුදල භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව කොමිසම් සභාව විසින් ගෙවා ඇති බවද විගණන වාර්තාවේ සඳහන් වේ.
කොමිසම් සභාවේ අධ්‍යක්ෂක ජනරාල්, නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල්, සහ අධ්‍යක්ෂක තනතුරු දරණ නිලධාරින් 13 දෙනෙකුට අනුමත මාසික දිමනාව ඉක්මවා ඉකුත් වර්ෂය තුළදි ඉන්ධන ලිටර් 4950ක් සඳහා රුපියල් මිලියන 1.7ක මුදලක් ගෙවා තිබුණි.
කොමිසම් සභාවේ නිලධාරින් 25 දෙනෙකුට රුපියල් මිලියන 2.7ක මුදලක් වාහන දිමනා වශයෙන් වැඩිපුර ගෙවා තිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.
වාහන දිමනා ලබා ගන්නා නිලධාරින් 12 දෙනෙකුට කොමිසම් සභාව විසින් මාසිකව රුපියල් 20000 බැගින් රියදුරු දිමනාව ලෙස රුපියල් මිලියන 2.5ක මුදලක් ගෙවා තිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇක.
එමෙන්ම වගකිවයුතු නිලධාරියකු විසින් වවුචරපත් අනුමත කිරිමකින් තොරව වවුචර පත් 31 සදහා රුපියල් මිලියන 1.5ක මුදලක් ගෙවා තිබුණි. කොමිසම් සභාවේ නිලධාරින්ට ගෙවා තිබු රුපියල් මිලියන 1.1ක් වන අතිකාල දිමනා වවුචරපත් 51ක් නිසි ලෙස සහතික නොකර ගෙවා තිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.
නියදි විගණන පරික්ෂාවට අනුව විධිමත් තහවුරුකිරිමේ උපලේඛන රහිතව රුපියල් මිලියන 2.9ක් වටිනා වවුචරපත් 56ක් සදහා ගෙවිම් කොට තිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.
මහජන උපයෝගිතා කොමිසම් සභාව සම්බන්දයෙන් 2022 වර්ෂය අදාලව නිකුත්කොට තිබු කාර්යසාධන වාර්තාවට ඇතුලත්කොට තිබු වාර්ෂික විගණන වාර්තාවේ මෙකි තොරතුරු සදහන්ව තිබුණි.