සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජගත් විතාන ගේ පුතාට හොර වාහනයක් විකිණීම – රෝහිතගේ දුවට සහ බෑණාට විදෙස් ගමන් තහනමක්…

by editor
ජූලි 21, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

නීති විරෝධීව එකලස්කළ ලෑන්ඩ් කෲසර් වර්ගයේ සුඛොපභෝගී ජිප් රථයක් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ පුත් රසික විතානට අලෙවි කළ බවට චෝදනා ලද හිටපු වරාය ඇමති රෝහිත අබේගුණවර්ධනගේ දියණියවන රොෂෙල් මෙලනි අබේගුණවර්ධනට සහ ඇයගේ සැමියාට එරෙහිව මතුගම උසාවියෙන් විදෙස් ගමන් තහනමක් ලබා ගැනීමට වළාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය අද (21) කටයුතු කළේය.

මේ වනවිට රොෂෙල් මෙලනි අබේගුණවර්ධන කළුතර නාගොඩ පිහිටි නිවස අත්හැර සැමියා සමග සැඟවී සිටින බවද ඇය සැමියා සමග විදේශගතවීමට උත්සාහ කරන බවට ලද තොරතුරක් මත වළාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය මෙම විදෙස් ගමන් තහනම ලබා ගැනීමට කටයුතු කළ බව ද විමර්ශන ආරංචිමාර්ග පවසයි.

වැඩ බලන පොලිස්පතිවරයාට ලද තොරතුරක් මත පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය විසින් මාස හතරක් පුරා සිදුකළ දීර්ඝ විමර්ශනයකට පසුව උක්ත ලෑන්ඩ් කෲෂර් වර්ගයේ ජිප් රථය රථය මතුගම ප්‍රදේශයේ දී ඊයේ පසුගිය සෙනසුරාදා (19) අත් අඩංගුවට ගත්තේය. ඒ රථයේ හිමිකාරිත්වය ප්‍රකාශ කළ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන ගේ පුත් රසික විතානත් සමගය.

එම රථය නීති විරෝධීව එකලස් කර,  ව්‍යාජ දත්ත ඇතුළත්කොට මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීමෙන් පසු ජගත් විතාන ට අයත් පෞද්ගලික සමාගමක නමින් දෙවන වරට රථය ලියාපදිංචි කර ඔහුගේ ප්‍රත්‍රයා භාවිත කර ඇති බව විමර්ශනවලදී අනාවරණය විය.

පොලිස් ප්‍රශ්නකිරීම්වලදී රසික විතාන ප්‍රකාශ කර තිබුණේ මෙම රථය රෝහිත අබේගුණවර්ධනගේ දියණිය වූ රොෂෙල් මෙලනි අබේගුණවර්ධනගෙන් ඔහු මිලදී ගත් බවය.

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ඉන් අනතුරුව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මතුගම පොලිසිය රොෂෙල් මෙලනි අබේගුණවර්ධනගේ නිවසට ගිය ද ඇයත් ඇයගේ සැමියාත් සැඟවී පලා ගොස් තිබිණි. ඔවුන් සොයා මේ වනවිට විමර්ශන ක්‍රියාත්මකය.

මේ වනවිට රසික විතාන ඉන්නේ රක්ෂිත බන්ධනාගාරගතවය. ඔහුව ලබන 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මතුගම ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය වූ ඒ.අයි.හෙට්ටිවත්ත නියෝග කළාය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තණමල්විල වන සංහාරය පිළිබඳව හෙළිදරව් කලයි ජාවාරමා ගම්මුන්ට මරණීය තර්ජන කරද්දි ජාවාරමා සමග දීග කන වන සංරක්ෂණ නිලධාරීන් අසරණ ගොවීන්ගෙන් පළි ගන්න පටන් අරන්…

Next Post

ඇමරිකාවෙන් බොරතෙල් ගන්නේ ඇයි?… ඛණිජතෙල් නීතිගත සංස්ථාව හේතු කියයි!

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.