එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට දියුණු වෙමින් පවතින රටවල සාමාජිකයන්ද එක්කර ගතයුතු බව ඉන්දියාව අවධාරණය කරයි.
මේවන විට ගෝලීය වශයෙන් ඇතිව තිබෙන අභියෝග ජය ගැනීමට නවමු ආකාරයකින් කටයුතු කළ යුතු බවත් ඒ් සඳහා යල් පැනගිය පරිපාලන ක්‍රමවේදයන්ගෙන් මිදිය යුතු බවද ඉන්දියාව පෙන්වා දී තිබේ.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ පැවති ජාත්‍යන්තර ආරක්ෂාව සහ සාමය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදී ජගත් ආරක්ෂක කවුන්සිලයේ ඉන්දීය නිත්‍ය නියෝජිත රුචිරා කම්බෝජ් ඉන්දීය රජයේ මතය ප්‍රකාශ කර ඇත.
‟ඇත්තටම මේවන විට අපිට වඩාත්ම වැදගත් කාරණය වන්නේ මේ වන විට පවතින තත්ත්වය පිළිබඳ වාඩාත් හොදින් නිරූපනය වීමට ජගත් ආරක්ෂක මණ්ඩලය තුල සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වැඩි නියෝජනයක් ලබාදීම සිදුකළ යුතුයි” යනුවෙන් ඉන්දීය නිත්‍ය නියෝජිතවරයි මෙහිදී පවසා තිබේ.
මෙහිදී ජගත් ආරක්ෂක කවුන්සිලයේ නියොජනය සම්බන්ධයෙන් ප්‍රශන් කරමින් ඇය පවසා සිටියේ, ‟අපි ඇත්තටම කොහොමද පැහැදිලි කරන්නේ ජගත් ආරක්ෂක කවුන්සිලය වැඩි ප්‍රමණයක් අප්‍රිකානු කළාපයේ ගැටලුව විසදීමට කටයුතු කළත් අප්‍රිකානු මහද්වීපය නියෝජනය කරනු ලබන රටක් සමාජිකත්වය දැරීමක් නොමැති වීම? ජගත් ආරක්ෂක කවුන්සිලය විසින් නිත්‍ය ආසනයක් අප්‍රිකානු කලාපයට ලබාදීම ප්‍රතික්ෂේප කරන පසුබිමක් තුල, අපි කොහොමද අප්‍රිකානු කළාපයේ පොදු ආරක්ෂාවක සම්බන්ධයෙන් අපේක්ෂාවක් බලාපොරොත්තු වෙන්නේ ?” යනුවෙනි.
ඒ් අනුව මේවන විට වඩාත්ම අවශ්‍යව ඇත්තේ සත්‍ය නියෝජනයක් බවද එහිදී ඉන්දීය නියෝජගිතවරිය පෙන්වා දී තිබිණි. මෙහිදී ඇය ඉන්දියාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරම්භයේ සිටම සක්‍රීයව කටයුතු කළබවත් ඉදිරියේදීත් සංවිධානයේ ප්රගමනය උදෙසා කැපවී කටයුතු කරන බවද අවධාරණය කර තිබේ.