අඟහරුවාදා, ජූලි 21, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඡන්ද පොරොන්දු කඩන දේශපාලකයින්ට එරෙහි නීති ගෙනෙන්නට අවශ්‍ය සංවාදයක් ඇරඹී චම්පික ලා සූදානම් වෙයි!

by editor
පෙබරවාරි 4, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

දේශපාලන පක්ෂ හෝ නායකයින්, දේශපාලඥයන් මේ රටේ ඡන්දදායකයාට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති, පොරොන්දු කඩ කරන අවස්ථාවක දී අධිකරණය ඉදිරියේ පුරවැසියාට හෝ ඡන්ද දායකයාට සිය නියෝජිතයාට අභියෝග කළ හැකි, ඔහුගේ පදවිය පවා අහෝසි කළ හැකි, එමෙන්ම සාධාරණ වන්දියක් ලබාගත හැකි, නීතිමය ප්‍රතිපාදනයන් අවශ්‍යය බව ජාතික ජනරජ පෙරමුණ ප්‍රකාශ කරයි.

ඔවුන් මේ බව දක්වන්නේ ජාතික නිදහස් දිනය දා මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණ ඔවුන් විසින් ලේඛනගත කර ඇති ජාතික වගවීමේ ප්‍රකාශනයක් දළදා වහන්සේ හමුවෙහි ඉදිරිපත් කරමිනි.

පොරොන්දු කඩ කරන දේශපානඥයින් සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පුරවැසියා සමග සංවාදයක් ඇති කරගෙන අවශ්‍යය ව්‍යවස්ථා සංශෝධන හා නීති ප්‍රතිපාදන සකස් කිරීමටත් දේශපාලන පක්ෂ හා නායකයන්ගේ ප්‍රතිපත්ති හා පොරොන්දුවල පිරිවැය පිළිබඳ නිවැරදි තක්සේරුවක් කිරීමට මැතිවරණ කොමසාරිස්ට බලය ලැබෙන ප්‍රතිපාදන සකස් කිරීමටත් සියලු දේශපාලන පක්ෂ හා දේශපාලඥයෝ එකඟ විය යුතු බවට මෙහිදී එම පක්ෂය යෝජනා කර ඇත. .

මංජුසාවක බහා දළදා මාලිගාවට රැගෙන ආ ජාතික වගවීමේ ප්‍රකාශනය පත්තිරිප්පුව ඉදිරිපිට සිට ඉදිරිපත් කළ අතර එහි මෙසේ සඳහන් වේ.

දේශපාලන පක්ෂ හා නායකයන් විසින් මැතිවරණයකට පෙර ප්‍රකාශ කරන හා පොරොන්දු ලබා දෙන ලිඛිත , වාචික ප්‍රතිපත්ති හා ස්ථාවරයන් බලය ලබා ගැනීමෙන් පසු ක්‍රියාත්මක නොකිරීම හා ඊට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ දේ කිරීම වර්තමානයේ ද අතීතයේ ද දැකගත හැකි වංචනික දේශපාලනික ක්‍රියාවලියකි. නියෝජිත ප්‍රජාතන්ත්රවාදයේ පදනම වනුයේ පුරවැසියා නොහොත් ඡන්දදායකයා හා දේශපාලන පක්ෂ නියෝජිතයන් අතර ඇති වන සමාජ සම්මුතිය බව අප පිළිගන්නෙමු.

RelatedPosts

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

එමෙන්ම නිදහස් මැතිවරණ වලින් බලයට පත්වන මහජන නියෝජිතයින් සිය ලිඛිත හා වාචික ප්‍රකාශන ක්‍රියාත්මක කරලීම සක්‍රීය ප්‍රජාතන්ත්රවාදී සමාජයක අවංකභාවය හා ප්‍රායෝගිකත්වය පිළිබඳ අත්‍යවශ්‍යය පූර්ව කොන්දේසියක් බවද අප පිළිගන්නෙමු. එහෙයින් මැතිවරණයට පෙර දේශපාලන පක්ෂ හා නායකයින්ගේ ලිඛිත හා වාචික ප්‍රකාශන හා පොරොන්දු ඉටු කිරීම සඳහා නීතිමය වටපිටාවක් අත්‍යවශ්‍යය බැව් අපි මෙහිදී අවධාරණය කරන්නෙමු.

දේශපාලන පක්ෂ හෝ නායකයින්, දේශපාලඥයන් මේ රටේ ඡන්දදායකයාට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති, පොරොන්දු කඩ කරන අවස්ථාවක දී අධිකරණය ඉදිරියේ පුරවැසියාට හෝ ඡන්ද දායකයාට සිය නියෝජිතයාට අභියෝග කළ හැකි, ඔහුගේ පදවිය පවා අහෝසි කළ හැකි, එමෙන්ම සාධාරණ වන්දියක් ලබාගත හැකි, නීතිමය ප්‍රතිපාදනයන් අවශ්‍යය බව අපි අවධාරණය කරන්නෙමු.

මේ සඳහා වූ සංවාදයක් පුරවැසියා සමඟ ඇති කරගෙන අවශ්‍යය ව්‍යවස්ථා සංශෝධන හා නීති ප්‍රතිපාදන සකස් කිරීමටත් දේශපාලන පක්ෂ හා නායකයන්ගේ ප්‍රතිපත්ති හා පොරොන්දුවල පිරිවැය පිළිබඳ නිවැරදි තක්සේරුවක් කිරීමට මැතිවරණ කොමසාරිස්ට බලය ලැබෙන ප්‍රතිපාදන සකස් කිරීමටත් සියලු දේශපාලන පක්ෂ හා දේශපාලඥයෝ එකඟ විය යුතු බවට මෙහිදී අප යෝජනාවක් කරන්නෙමු. මේ යෝජනාවට එකඟ නොවන දේශපාලන පක්ෂ හා දේශපාලනඥයින් ප්‍රතික්ෂේප කිරීමට මෙරට ජනතාව දැනුවත් කිරීම සඳහා අප පෙරමුණ ගන්නෙමු.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කිළිනොච්චියේ කළු කොඩි එසවෙද්දී යාපනයේ තරුණයෝ ජාතික කොඩි රැගෙන වීදි බසිති!

Next Post

දිමුත් නවතී!

Related Posts

පුවත්

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026
පුවත්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026
petrol-diesel-lankasara
පුවත්

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026

මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

ජූලි 20, 2026
ADVERTISEMENT
  • prof-sarath-Abekoon

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!
  • ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!
  • මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.