ඡන්ද නීති කැඩූ 83ක් අත්අඩංගුවට

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් අද (30) අළුයම 6.00 වනවිට පුද්ගලයින් 83 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර වාහන 19ක්ද පොලිසිය භාරයට ගෙන ඇති බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් අය අතර වැඩිදෙනෙකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් බවත් මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම් සහ නීතිය ක්‍රියාත්මක කිරීම් සම්බන්ධයෙන් කිසිදු දේශපාලන බලපෑමක් මෙතෙක් පොලීසියට එල්ලවී නැති බවත් ලංකාසරට කරුණු අනාවරණය කළ පොලිස් ආරංචි මාර්ග සදහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙතෙක් ලැබී ඇත්තේ මැතිවරණයට අදාල පැමිණිලි 17 ක් පමණක් බවද එම නිලධාරියා පැවැසීය.


Exit mobile version