සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඡන්ද දායකයෙක් වූ ඔබ වෙනුවෙන් දැරිය යුතු වියදම දැන් රජය දරා අවසානයි… කරුණා කර යපහපත් රටක් උදෙසා පුරවැසි වගකීම ඉටු කරන්න… උදෙන්ම ගිහින් ඡන්දය පාවිච්චි කරන්න… මැතිවරණ කොමසාරිස් ජනරාල් කියයි!

by editor
නොවැම්බර් 14, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් ලෙස, ඡන්ද දායකයෙක් ලෙස, ඡන්ද හිමි නාම ලේඛනයේ සිටිනා සෑම ඡන්ද දායකයෙක් වෙනුවෙන්ම රජය විසින් දැරිය යුතු පිරිවැයක් දරා ඇති බැවින් පුරවැසි වගකීම ඉටුකිරීම සඳහා උදෑසනම සිය ඡන්දය පාවිච්චි කිරීමට කටයුතු කරන්නැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් ඉල්ලා සිටී.

බල හුවමාරුව සඳහා ලැබෙන ප්‍රජාතන්ත්‍රවාදීම අවස්ථාවේ දී යහපත් රටක් උදෙසා ස්වකීය ඡන්දය පාවිච්චි කිරීමේ පැහැර හැරිය නොහැකි වගකීමක් සෑම ඡන්ද දායකයෙක් සතුවම ඇති බව ඔහු අවධාරණය කරයි. රූපවාහිනී වැඩසටහනකට එක් වෙමින් මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා මේ පුරවැසි වගකීමේ ස්වරූපය ඉතාම නිරවුල්ව පැහැදිලි කළේ මෙසේය.

“මේ තේරි පත් වන්නේ ව්‍යවස්ථා දායකයේ අපේ නියෝජිතයො. එක්කෙනෙකුගේ දෙන්නෙකුගෙ නියෝජිතයො නෙමෙයි. ඔහු වෙනුවෙන් ඡන්දය දුන්න ද නැද්ද කියන එක ප්‍රශ්නයක් නෑ. පත් කරන සභිකයා අපි හැමෝම වෙනුවෙන් තමයි නීති හදන්න පාර්ලිමේන්තුවට යන්නේ. ඒ ගැන අවබෝධයක් ඔවුන්ටත් තිබිය යුතුයි. ඔවුන්ගේ අනුගාමිකයන්ටත් තිබිය යුතුයි.”

“හරි… අපි ඡන්ද දුන්නා. අපේ කෙනා ගියා. ගියයින් පස්සේ මට රස්සාව දෙන්න ඕන, මගේ ගෙදර හදන්න ඕන මට උළු කැටේ මට ටකරන් කෑල්ල කියන එක නෙමෙයි මේ තියෙන්නේ. එයා පාර්ලිමේන්තුවට ගියා. ඔහුට නිදහසේ ඒ දේ කරන්න දෙන්න. ඒ සහයෝගය අපි අනික් පැත්තෙන් දෙන්න ඕන. අපි නිශ්ඡිත කාලයකට කාර්යයක් වගකීමක් ඔවුන්ට භාර දිලා තියෙන්නේ. ඒ දේ කරන්න දෙන්න. වැරදිනම් ඔවුන්ව නිවැරදි කරන්න, වැරදියි කියන්න, නිවැරදි දේ කරනවිට උදව් කරන්න ඡන්ද දායකයො විදිහට අපිත් සූදානම් වෙන්න ඕන. එහෙම නැතිව එයා අපේ නෙමෙයි, අපි දන්නෙ නෑ… අපි අඳුනන්නෙ නෑ…. ඊට පස්සේ මොනවා කළත් වැරදියි… එහෙම නෙමෙයි… අපි අවසානයේ දි රටක් විදිහට කල්පනා කරන්න ඕන. මේ රටේ නීතිය හදන තැන. අපි හැමෝගෙම සහයෝගය ඒ ආකාරයෙන් දෙන්න. ඊට ගැලපෙන පාර්ලිමේන්තුවක් සකස් කරන්න. ”

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

“ඔබ 14 වැනිදා උදේම ගිහින් ඡන්දය පාවිච්චි කරන්න. මොකද එක්කෝටි හතලිස් එක් ලක්ෂ හැත්තෑ දෙදහස් තුන්සිය පනස් හතරටම දැන් වියදම් කරලා ඉවරයි. සල්ලි ගෙවලා නැති වුනාට දරන්න ඕන වියදම් දරලා ඉවරයි. ඔබ ඡන්දය පාවිච්චි කළත් නැතත් ඔබේ ඡන්ද පත්‍රිකාව නිසාම ඡන්ද මධ්‍යස්ථාන සංඛ්‍යාව, යන වාහන, නිලධාරීන්, මේ සියල්ල වැඩි වෙලා තියනවා. අපේක්ෂක කණ්ඩායම් සංඛ්‍යාව වැඩි වුනාම වියදම වැඩි වෙනවා වගේම තමයි. අපි ඡන්ද දායකයො නිසා අපි වෙනුවෙන් රජය දරන වියදම දරලා ඉවරයි. අපි ඡන්ද දාකයෙක් ලෙස නම ලිව්වා නම්, අපි ඡන්ද දායකයො නම්. මේ රටේ පුරවැසියො නම් අපට තියනවා යුතුමක් අප වෙනුවෙන් මේ කාර්ය භාර්යය කරන්න. ඒ නිසා ඒකට සූදානම් වෙන්න. ඒ අවබෝධය ඇතිව ගිහින් ඡන්දය පාවිච්චි කරන්න. අපට අවශ්‍ය වෙන්නේ යහපත් රටක්. ”  මේ වනවිට ආරම්භ වී ඇති පාර්ලිමේන්තු මැතිවරණ ඡන්ද විමසීම දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,421ක දී අද පස්වරු 4.00 දක්වා  පැවැත්වීමට නියමිතව තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කම් බෑක් එක නියමයි… අපි ලකුණු 45කින් දිනුම්!

Next Post

වසර 17කට පසු අලිමංකඩ මුරපොළ ඉවත් කරයි!

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.