මනම්පිටිය නිමල් ජයරත්න –
ජනාධිපතිවරණයට අදාලව දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි සහ ලිපි ද්‍රව්‍ය බෙදාදීම අද උදෑසන ආරම්භ විය. ඡන්ද මධ්‍යස්ථාන භාර රාජ්‍ය නිලධාරීන් එ්වා අද නිල වශයෙන් භාරගත්හ.
සියලුම කටයුතු සිදුවූයේ දැඩි පොලිස් ආරක්ෂාව මතය.
මේ ඡායාරූපවල දැක්වෙන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටුවා ඇති චන්ද මධ්‍යස්ථාන 292 ක් සඳහා ඡන්ද පෙට්ටි හා නිළ චන්ද පත්‍රිකා ඇතුළු ලිපි ලේඛන භාර දීම ඇරඹුන අයුරුය. අද පෙරවරු 8.00 ට පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාල පරිශ්‍රය තුළදී එය ආරම්භ විය.








