බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මැතිවරණ උණුසුම අස්සේ කොළඹ පාතාලය මරා ගනී…

කළුබෝවිල තවත් පුද්ගලයෙක් වෙඩි තබා ඝාතනය කරයි....

by Lankasara News
සැප්තැම්බර් 20, 2024
in පුවත්
shoot
Share on FacebookShare on Twitter

කළුබෝවිල ප්‍රදේශයේදී අද (20) උදෑසන පුද්ගලයෙක් වෙඩි තබා ඝාතනය කර ඇත. මෙසේ ඝාතනය කළ පුද්ගලයා පාතාලයට සම්බන්ධකමක් නැති නමුත් පාතාල ගැටුමක සිටිනා මැරයෙකුගේ ඥාතියෙක් බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ. 

පෙරේදා (18) ද කළුබෝවිල ප්‍රදේශයේ දී පුද්ගලයෙක් වෙඩි තබා ඝාතනය කර තිබිණි. ඝාතනය වන්නේ කළුබෝවිල සරණංකර පාරේ ස්ටාර් හෝටලයේ හිමිකරුය. ඔහු කළුබෝවිල කඩවත පාරේ පදිංචිකරුවෙක්වූ නායගම් විශ්වනාදන්ය. ඔහු විදේශගත පාතාල අපරාධකරුවෙක් වූ බඩෝවිට අසංක නැමැත්තාගේ සමීප හිතවතෙක් බව කියැවිනි. ඔහුව ඝාතනය කර ඇතැයි හෙළි වී ඇත්තේ තවත් පාතාල අපරාධකරුවෙක් වූ චූවා සමන්ත නැමැත්තාගේ පාර්ශවයෙන් බව කියැවිනි.

ඔහුගේ මරණය හා මීට දින 05කට පෙර ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ සිය නිවස ඉදිරිපිට ඝාතනය කළ තරිඳු මධුෂාන් සුවාරිස් නැමැත්තා ගේ මරණය අතර සම්බන්ධයක් විමර්ශන අංශ සොයාගෙන තිබිණි. මෙසේ ඝාතනය වන තැනැත්තා චූවා සමන්ත නැමැත්තාගේ හිතවතෙක් බව අනාවරණය වී ඇත. එය බඩෝවිට අසංකගේ පාර්ශවයෙන් සිදුකර ඇතැයි මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

අද ඝාතනය කළ පුද්ගලයා ද ඝාතනය වන්නේත් කළුබෝවිල කඩවත පාරේය. ඔහු 45 හැවිරිදි නරගසභා කම්කරුවෙකි. පාතාලයට සම්බන්ධයක් නැති මෙම පුද්ගලයා චූවා සමන්තගේ අක්කාගේ සැමියා ය.  මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ පෙරේදා (18) රාත්‍රියේ සිදුවූ ඝාතනයට පළිගැනීමක් වශයෙන් බව විමර්ශන අංශ අනුමාන කරයි.

යතුරුපැදියකින් පැමිණි කුලී ඝාතකයින් දෙදෙනෙක් අද අලුයම 6.40ට පමණ දෙහිවල පොලිස් වසමේ කඩවත පාර, කලුබෝවිල ප්‍රදේශයේදී මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් තිබුණි. දකුණු උරහිසට වැදුන වෙඩි ප්‍රහාර දෙකකින් බරපතල තුවාල ලැබූ පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇත. ඝාතනය කර ඇත්තේ අවුරුදු 45ක් වන නගර සභා සේවකයෙකි. ඔහු රාජකාරියට යන අතර මෙසේ මරා දමා තිබිණි.

RelatedPosts

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

එකට මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුන බඩෝවිට අසංක සහ චූවා සමන්ත පසුව වෙන්වීමෙන් අනතුරුව මෙසේ මරා ගන්නා බව විමර්ශනවලදී තොරතුරු ලැබී තිබේ. මේ තත්ත්වය තුළ පෙනී ගොස් ඇත්තේ තවත් ඝාතන වැලක් සැලසුම් වෙමින් ඇති බව යැයි විමර්ශන අංශ පවසයි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනපතිවරණයට දවසක් තිබියදී බැසිල් රාජපක්ෂ රටින් යයි!

Next Post

ඡන්දෙ වැඩ….

Related Posts

පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!
  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.