‘ෂී යෑන් 06‘ චීන පර්යේෂණ නෞකාවට මෙරටට පැමිණීම සඳහා අවසර ලබා දී ඇති බව ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කර තිබේ.
විදේශ කටයුතු අමාත්‍යාංශය සහ නාරා ආයතනය විසින් සිදුකරන ලද ඉල්ලීමක් මත අදාළ නෞකාව සඳහා ආරක්ෂක අමාත්‍යංශයේ අවසරය ලබා දී ඇති බව ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ කර්නල් නලින් හේරත් ප්‍රකාශ කරයි.
නෞකාව මෙරටට පැමිණෙන දින වකවානු සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු ඉදිරිපත් වී නොමැති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
නෞකාවේ පැමිණීම සඳහා මෙරට චීන තානාපති කාර්යාලය මඟින් ද විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් සිදුකර තිබිණි.
නාරා ආයතනය විසින් අදාළ චීන පර්යේෂණ නෞකාව සමඟ පර්යේෂණයක් සිදුකිරීමට නියමිතව බව ආරංචි මාර්ග කියා සිටියි.