චීනයේ විශාලතම දේපල වෙළචදාම සමාගම වන කන්ට්‍රි ගාර්ඩන් හා ඇමරිකානු ඩොලර් බිලියන ගණනක අලාභයත් සිදුව ඇති බවට නිව්යෝක් ටයිම්ස් පුවත් පත අනාවරණය කරයි.
අදාල සමාගම මේවන විට ඇමරිකානු ඩොලර් බිලියන දෙසීයකට අධික ණය බරකට මුහුණ දී ඇති බවට අනාවරණය වන අතර එය චීන ආරථිකයට විශාල අභියෝගයක් වී ඇත බවටද අදාල පුවත්පත පෙන්වා දෙයි. ඇස්තමේන්තුවකට අනුව, චීන නගර සිය ගණනක් පුරා මිලියනයක පමණ පිරිසකට මහල් නිවාස ලබා දීම සඳහා කන්ට්‍රි ගාර්ඩන් වගකීම දරයි. කෙසේ වෙතත්, මෙම අයාතනය මේවන විටත් බංකොලොත් වීමට ඉතාම ආසන්න බවට වාර්තාවේ.
මේ අතර චීනයේ දේපල වෙළදාමේ නිරත බොහොමක් සමාගම් දැඩි මූල්‍ය ආර්බුදයකට මුහුණ දී ඇති අතර ඔවුන්ගනේ බහුතරයක් දෙනා සිය ණය ආපසු ගෙවීම් වලින් ඉවත් වී ඇති බවද නිව්යෝක් ටයිම්ස් පුවත්පත සඳහන් කරයි.
කෙසේ වෙතත්, මෙම ගැටලුව එක් ව්‍යාපාරයකට සීමා නොවුවක් බවතත් එය චීන ආර්ථිකයේ පුළුල්ව විහිදී පවතින තත්ත්තවයක් බවද අදාල පවුත්පත පෙන්වා දෙයි. නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතට අනුව, වසර ගනනාවක් තිස්සේ දැඩි මූල්‍ය අර්බුද වලින් අභියෝගයට ලක්ව ඇති චීන දේපල වෙළදාම ක්ෂේත්‍රය මුහුණ දෙන අභියෝගාත්මක තත්ත්වය කන්ට්‍රි ගාර්ඩන් හී කඩා වැටීමෙන් ඉතා පැහැදිලිව පෙන්නුම් කරයි.
ඒ අනුව ආර්ථික විශ්ලේෂකයින් විසින් කන්ට්‍රි ගාර්ඩන් හී තත්ත්වය සහ එහ බලපෑම් අනෙකුත් ක්ෂේත්‍ර වලටද බලපෑමක් ඇති කළ හැකි බවට සඳහන් කරයි. එමෙන්ම අදාල සමාගම කඩා වැටීමක් වුවහොත් එය චීනය ආර්ථිකයට සෘජුවම බලපෑමක් එල්ල කළ හැකි බවදට අදාල විශ්ලේෂකයින් වැඩිදුරටත් පේනවා දෙයි.