බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීනයේ අලුතින් පැතිරෙන වෛරසය අපට කෙලෙස බලපානු ඇති ද?

by editor
ජනවාරි 6, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

බීබීසී –

ලොවපුරා ලක්ෂ ගණනකගේ ජීවිත අහිමි කළ කොරෝනා වසංගතය ආරම්භ වු බවට සැක කෙරෙන චීනයේ මේ දිනවල යළි පැතිරන යන වෛරස් රෝගී තත්ත්වයක් සම්බන්ධව ලෝකයේම අවධානය යොමුව තිබේ.

චීන සෞඛ්‍ය බලධාරීන් තහවුරු කරන අන්දමට මෙම රෝගී තත්වයන්ට හේතුව ඉන්ෆ්ලුවෙන්සා (Influenza), රෙස්පිරේටරි සින්සිටියල් වෛරසය (Respiratory Syncytial Virus- RSV) සහ මානව මෙටානියුමෝ වෛරසය (Human Metapneumovirus – HMPV) යන හඳුනාගත් සාමාන්‍ය ස්වසන රෝග වෛරසයන් බව මෙරට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කළේය.

මෙම රෝග තත්ත්වය පිළිබඳව ලෝකයේම අවධානය යොමුව ඇත්තේ කොරෝනා වසංගතය නිසා ඇති වූ බලපෑම හේතුවෙනි.

‘වෛරස තත්ත්වය සතියෙන් පහව යනවා’

චීනයේ පැතිර යන හියුමන් මෙටානියුමෝනියා නොහොත් HMPV වෛරසය බිය විය යුතු කරුණක් නොවන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අංශයේ අධ්‍යක්ෂ, මහාචාර්ය චන්දිම ජීවන්දර පවසයි.

“ශීත ඍතුවේ දී ස්වසන ආසාදන බහුලව දක්නට ලැබෙන අතර එය අනතුරු ඇඟවීමට හේතුවක් නොවේ.”

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

2001දී සොයාගනු ලැබූ HMPV වෛරසය, අලුත් වෛරසයක් නොවන බවත්, සාමාන්‍යයෙන් සෙම්ප්‍රතිශ්‍යාව හෝ උණ වැනි රෝග ලක්ෂණ සහිත ස්වසන ආසාදන ඇති කරන රෝගයක් බව මහාචාර්ය චන්දිම ජීවන්දර සඳහන් කළේය.

කෙසේවෙතත්, HMPV වෛරසය ළමයින්ට, වැඩිහිටියන්ට සහ දුර්වල ප්‍රතිශක්තිකරණයක් ඇති අයට බරපතල විය හැකි බවට ඔහු අනතුරු අඟවයි.

මෙම වෛරස තත්ත්වය සාමාන්‍යයෙන් සතියක් ඇතුළත පහව යන බව ද මහාචාර්ය චන්දිම ජීවන්දර සිය X ගිණුමේ සටහන් කර ඇත.

ලංකාවේ සෞඛ්‍ය බලධාරීන් අවධානයෙන්

“ශ්‍රී ලංකාව තුළ මේ සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වය පැන නැගී නොමැත.” යනුවෙන් ශ්‍රී ලංකා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි.

“ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ප්‍රකාශ කරන ආකාරයට මෙවැනි තත්ත්වයක් අනපේක්ෂිත නොවන බවත්, අනෙකුත් රටවල නිරීක්ෂණය කරන ලද රටාවන්ට මෙම තත්ත්වය සමාන බවත්ය. වත්මන් ස්වසන රෝග රැල්ල පෙර වසරවලට වඩා අඩු මට්ටමක පවතින බවත්, රෝහල් රෝගීන් ඵලදායී ලෙස කළමනාකරණය කරන බවත් චීන බලධාරීහු සහතික කරති.” යැයි ද එහි සඳහන් වේ.

මෙරට සෞඛ්‍ය බලධාරීන් මේ පිළිබඳව අවධානයෙන් පසුවන අතර මහජන ආරක්ෂාව සහතික කිරීම සඳහා ගෝලීය සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳ අඛණ්ඩව අධීක්ෂණය කරමින් පසුවන බව ද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සිය ෆේස්බුක් පිටුවේ සටහන් කර ඇත.

චීනයේ ස්වසන රෝග වැඩිවීමට හේතුව මීට පෙර හඳුනාගත් වෛරසයක් බවත් නව හෝ අසාමාන්‍ය වෛරස හඳුනාගෙන නොමැති බවත් මෙම තත්ත්වය සාමාන්‍ය ස්වසන රෝග පැතිරීමට සමාන වන අතර, ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍යයට සැලකිය යුතු බලපෑමක් නොමැති බවත් එහි සඳහන් කර තිබේ.

‘චීනයේ සංචාරය කිරීම ආරක්ෂිතයි’

චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක මාඕ නින්ග් (ජනවාරි 03 වැනිදා) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ, උතුරු අර්ධගෝලයේ ශීත ඍතුවේ දී ශ්වසන ආසාදන උපරිම වන බවය.

පෙර වසර හා සසඳන විට රෝග දරුණු ලෙස අඩු වන අතර කුඩා පරිමාණයෙන් පැතිරී ඇතැයි ඇය කියා සිටියා ය

චීන පුරවැසියන්ගේ සහ විදේශිකයන්ගේ සෞඛ්‍යය ගැන චීන රජය සැලකිලිමත් වන බවට සහතික විය හැකි බවද ඇය අවධාරණය කළාය.

ඇය වැඩිදුරටත් පැවසුවේ, චීනයේ සංචාරය කිරීම ආරක්ෂිත බව ය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මාලිමා මන්ත්‍රී මැදිහත් වී යාපනයේ හුණුගල් ජාවාරම් කරුවන් පොලිසියට කොටු කර දෙයි!

Next Post

ප්‍රශ්න පත්‍ර පිටවෙලා… උතුරුමැද 11 ශ්‍රේණියේ අවසන් වාර විභාගය අත් හිටුවයි…

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.