ව්‍යාධිජනක ක්ෂුද්‍රජීවින් සහිත පොහොර ගෙන්වූ චීන පොහොර සමාගමට මුදල් ගෙවීම වළක්වමින් මහජන බැංකුවට සහ දේශීය නැව් සමාගමට එරෙහිව පනවා ඇති වාරණය ජනවාරි 06 දා දක්වා තවදුරටත් දීර්ඝ කර ඇත.
කොළඹ වාණිජ මහාධිකරණය අද (23) ප්‍රකාශ කළේ අදාල වාරණ නියෝගය ඉවත් කරනවා ද නැද්ද යන්න ජනවාරි 06වන දා ප්‍රකාශ කරන බවය.
අදත් එම නඩුව විභාගයට ගැනුණේ වාණිජ මහාධිකරණ විනිසුරුවරුන්වන ප්‍රියන්ත ප්‍රනාන්දු සහ ප්‍රදීප් හෙට්ටිආරච්චි හමුවේය.
ප්‍රමිතියෙන් තොර මෙම චීන පොහොර තොගය සම්බන්ධ නඩුව කොළඹ වාණිජ මහාධිකරණයේ ගොනුකළේ සීමාසහිත පොහොර සමාගම සහ කොමර්ෂල් පොහොර සමාගම විසිනි.
චීන පොහොර සමාගමේ දේශීය නියෝජිතයාට ණයවර ලිපි මගින් මුදල් ගෙවීම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණය අදාල වාරණය පනවනු ලැබුවේය.







