අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චිනය සැරසෙන්නේ ජාතියක ස්වාධීනත්වය සමග දාදු කෙළියකට ද?

by editor
ජූනි 29, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දා  France 24 වෙබ් අඩවිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වුනේය.  එම සම්මුඛ සාකච්ඡාවේදී ප්‍රශ්නකරුවා විමසන්නේ චීනය ශ්‍රී ලංකාව ට සිදුකරමින් සිටින මිලිටරි මැදිහත්වීම් සම්බන්ධයෙන් ඇමරිකානු ජනමාධ්‍යවල යම් වාර්තා පළව තිබීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අදහස කුමක්දැයි කියාය. ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති වික්‍රමසිංහ ප්‍රකාශ කරන්නේ  චීනය එවැනි ගිවිසුමකට එළැඹේ යැයි තමන් විශ්වාස නොකරන බවයි.

“චීන ජාතිකයන් වසර 1500 ක් පමණ එහි ශ්‍රී ලංකාවේ සිටින අතර මෙතෙක් හමුදා කඳවුරක් ඉදිකර නැහැ. හම්බන්තොට වරාය ගැන මතයක් තිබෙනවා. එය චයිනා මර්චන්ට් සමාගමට ලබාදී ඇතත් එහි ආරක්ෂාව ශ්‍රී ලංකා රජය විසින් පාලනය කරනු ලබනවා. අපේ එක බලසේනාවක් හම්බන්තොට සහ ඒ අවට ප්‍රදේශවල ස්ථානගත කර තිබෙනවා. ඇත්ත වශයෙන්ම, චීන ජාතිකයන්ගේ මිලිටරි භාවිතය පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. එම සමාගම කොළඹ වරායේ, දකුණු වරායේ පර්යන්තයක් ද පවත්වාගෙන යනවා. ඒ නිසා තමයි හැම රටකින්ම යුධ නැව් එන්නේ. කිසිවෙක් පර්යන්තය ගැන පැමිණිලි කරන්නේ නැහැ. අපි මධ්‍යස්ථ රටක්. නමුත් ඉන්දියාවට එරෙහි ඕනෑම තර්ජනයක් සඳහා ශ්‍රී ලංකාව පදනමක් ලෙස යොදාගැනීමට ඉඩ දිය නොහැකි බව අපි අවධාරණය කරනවා.”  ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

ශ්‍රී ලංකාවට චීනය සමග මෙතෙක් කිසිදු මිලිටරි ගිවිසුමක් නොමැති බවට ජනාධිපතිවරයා කරන ප්‍රකාශයේ සත්‍යයකි.   නිල වශයෙන් මෙතෙක් එවැනි ගිවිසුමක් අත්සන් කර ඇති බවක් අසන්නට ලැබී නැත. එහෙත් චීනය පසුගිය වසර කිහිපයේ, විශේෂයෙන් හම්බන්තොට වරාය පවරාගැනීමෙන් අනතුරුව හැසිරී ඇති ආකාරයට චීනය සතුව ශ්‍රී ලංකාව තුළ මිලිටරි බලතල පවතින බව සිතන්නට තරම් කරුණු නැතුවාම නොවේ. මී

ට වසර කිහිපයකට පෙර තිස්සමහාරාම ප්‍රදේශයේ වැවක රොන්මඩ ඉවත් කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක විය. ඊට එක්කර තිබුණේ චීනය හම්බන්තොට වරාය හරහා මෙරටට ගෙනවිත් තිබූ මිලිටරි පන්නයේ විශාල යන්ත්‍රයකි. වඩාත්ම විශේෂත්වය වූයේ එම යන්ත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා යුද ඇඳුම් ඇඟලාගත් චීන සොල්දාදුවන් කිහිපදෙනෙක් එක්ව සිටීමයි. ජනමාධ්‍ය ඔස්සේ මෙම සිදුවීමට සැලකිවයුතු ප්‍රචාරයක් ලබාදීමත් සමග එම සොල්දාදුවන් පිරිස හම්බන්තොට වරාය පරිශ්‍රයට පසුබැස ගිය නමුත් අදටද සැලකිව යුතු චීන ආරක්ෂක අංශ සාමාජිකයන් පිරිසක් එම වරාය පරිශ්‍රයේ රැඳී සිටින බව ප්‍රදේශවාසීන්ට නම් රහසක් නොවේ.

මේ ආකාරයේ සිදුවීම් රැසක්ම මේ වන විට රට පුරා ක්‍රියාත්මක චීන ව්‍යාපෘති ආශ්‍රිතව වාර්තා වී ඇත. මෙවැනි සිදුවීම් හුදු හිතලූ ලෙස බැහැර කිරීමට යමකුට හැකියාව පවතී. එහෙත් මේ වසර ආරම්භයේදී දකුණු ශ්‍රී ලංකාව කෙළවරේ ‘මිලිටරි කඳවුරක් ඉදිකිරිම සඳහා වූ යෝජනාවක් චීනය විසින් ශ්‍රී ලංකාවට ඉදිරිපත් කර ඇතැයි’ වැනි ප්‍රවෘත්ති මීට සමගාමීව පැමිණීමයි. මහා පරිමාණයෙන් ව්‍යාප්ත වුවද, තමන් සම්බන්ධයෙන් පළවන සෑම වර්තාවකටන පාහේ ප්‍රතිචාර දක්වන චීනය, කිසිදු අවස්ථාවක් ඊට ප්‍රතිචාර දැක්වූයේ නැත.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

කෙසේහෝ වේවා අප මෙහි කීමට උත්සාහ කරන අනෙක් කාරණය වන්නේ, චීනය විසින් ශ්‍රී ලංකාව වැටී සිටින ණය උගුල භාවිත කරමින් රටේ බලශක්ති ක්ෂේත්‍රය ආක්‍රමණය කිරීමට උත්සාහ කරමින් සිටීමයි. චීනය දැනටමත් නොරොච්චෝලේ බලාගාරය හරහා ශ්‍රී ලංකාවේ විදුලිය උත්පාදනයෙන් 44%ක පමණ විශාල කොටසක් පාලනය කරනු ලබයි. දැන් වාර්තාවන නවතම පියවර වන්නේ, නොරොච්චෝලේ බලාගාරයේ සම්පුර්ණ අයිතිය අත්පත් කරගැනීමටද චීනය මේ දිනවල උත්සාහ කිරීමයි.

එහිදී හම්බන්තොට වරාය අත්පත් කරගත් ක්‍රමවේදයට අනුව බලාගාරයද සිය පාර්ශවයට පවරාදෙන ලෙස චීනය රජයට දැනුම්දී ඇතැයි පැවැසේ. විශේෂයෙන් ශ්‍රී ලංකාව චීනයෙන් ලබාගෙන ඇති ණය ප්‍රතිව්‍යුහගතකරණය කරදීමේ ක්‍රියාවලියට සහයක් ලෙස චීනය මෙම කොන්දේසිය ඉදිරිපත් කර ඇතැයි වාර්තා සඳහන් කරයි.

එතැනිනුදු නොනැවතුණු චීනය ඉන් අනතුරුව ආක්‍රමණය කිරීමට සුදානම් වන්නේ ශ්‍රී ලංකාවේ ඉන්ධන සිල්ලර වෙළඳපොළයි. ඒ වෙනුවෙන් යොදවා ඇත්තේ සිනොපෙක් නම් චීන සමාගමයි. සිනොපෙක් විසින් මේ වන විටත් ශ්‍රී ලංකාව සමග දේශීයව ඉන්ධන අලෙවි කිරීම සඳහා ගිවිසුමකට එළැඹී ඇත. එම ගිවිසුම යටතේ ඛනිජතෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල් 150ක් මූලික වටයේදී චීන සමාගමට ලබාදීමට නියමිතය. එහෙත් ඒ වෙනුවෙන් ලබාදීමට සංස්ථාව සතුව වෙනම පිරවුම්හල් නොමැත. ඒ නිසා සංස්ථාව මේ දිනවල උත්සාහ කරමින් සිටින්නේ, විවිධ හේතු දක්වමින් දේශීය ව්‍යාපාරිකයන්ට බදුදී ඇති සිය ඉන්ධන පිරවුම්හල්වල බලපත්‍ර අහෝසි කර, ඒවා චීන සමාගමට ලබාදීමටය. එය පැහැදිලිවම දේශීය ව්‍යාපාරිකයන් රැසකගේ ආර්ථිකය බිඳදැමීමකි. අනෙක් අතට එය මෙරට බලශක්ති ස්වාධිනත්වය සමබන්ධයෙන් ශ්‍රී ලංකාවට පවතින අයිතිය තවත් ආකාරයකින් පවරා ගැනීමකි.

මෙය පැහැදිලිවම බටහිර රටවල් විසින් චීනයට චෝදනා කරන ‘ණය උගුල් රාජ්‍යතාන්ත්‍රිකභාවය’ මිස අන් කිසිවක් නොවන බව  හඳුනාගැනීම අපහසු නැත. ණය උගුල් රාජ්‍ය තාන්ත්‍රිකභාවය යනු ආර්ථික පරායත්තතා ඇති කිරීමට සහ දේශපාලන බලපෑම් කිරීමට වෙනත් රටවලට ණය සහ මූල්‍ය ආධාර සැපයීමේ චීනයේ අත්තොනෝමතික උපාය මාර්ගය විස්තර කිරීමට භාවිත කරන යෙදුමකි. බොහෝ විට චීනයේ එක් තීරයක්, එක් මාවතක් (BRI) බැනරය යටතේ යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා ජාතීන්ට, විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවලට සැළකිවයුතු ණය ලබාදීම එයට ඇතුළත් වේ. අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක හවුල්කාරිත්වයන් ලෙස පෙනෙන පරිදි, මෙම ව්‍යාපෘති බොහෝ විට සැළකිවයුතු ලෙස පැටළුණු නූල් බෝලයක් ලෙසින් ක්‍රියාත්මක වේ.

චීනයේ ණය උගුල් රාජ්‍ය තාන්ත්‍රිකභාවය ප්‍රධාන යාන්ත්‍රණ කිහිපයක් හරහා ක්‍රියාත්මක වේ. පළමුව, චීනය කෙටි කාලීනව බොහෝ විට වාසිදායක නමුත් දිගු කාලීනව බරක් වන කොන්දේසි මත ණය ලබාදීම සිදු කරයි. මෙම ණය සාමාන්‍යයෙන් ඉහළ පොලී අනුපාත, කෙටි ආපසු ගෙවීමේ කාල සීමාවන් සහ උපාය මාර්ගික වත්කම් ආකාරයෙන් ඇපකර සඳහා ඉල්ලීම් සමඟ පැමිණේ. ණය ලබන්නන් මෙම ණය ආපසු ගෙවීමට අරගල කරන විට, චීනය උත්තෝලනය ලබා ගන්නා අතර, තීරණාත්මක යටිතල පහසුකම් පාලනය කිරීම හෝ ස්වාභාවික සම්පත් වෙත ප්‍රවේශය වැනි සහන ඒ අනුව ඉල්ලා සිටිය හැක.

දෙවනුව, චීනය බොහෝ විට මෙම ව්‍යාපෘති සඳහා චීන සමාගම් සහ ඔවුන්ගේ ශ්‍රමය යොදවනු අතරම දේශීය රැකියා උත්පාදනය සඳහා ඇති අවස්ථා සීමාකිරීම සහ ලාභය නැවත චීනයට මාරු කිරීම වැනි ක්‍රියාපටිපාටියක් අනුව මෙම වැඩපිළිවෙල සිදු වෙයි. මෙම ක්‍රියාව දේශීය ආර්ථිකයන් අඩපණ කරනවා පමණක් නොව චීනය මත ආර්ථික යැපීම ද ශක්තිමත් කරයි.

චීනයේ ණය උගුලට වැටීමේ ප්‍රතිවිපාක ණය ලබන්නන්ගේ රටවලට දුරදිග යා හැකිය. චීනය මත ආර්ථික යැපීම දේශීය කර්මාන්ත යටපත් කළ හැකි අතර තිරසාර සංවර්ධනයට බාධා මතු කරයි. එපමණක් නොව, ණය බොහෝ විට, පවතින ණය බර උග්‍ර කරයි. එය මූල්‍ය දුෂ්කරතා සහ විභව පැහැර හැරීම් වලට තුඩුදෙනු ලබන අතරම, එහි ප්‍රතිඵලයක් ලෙස චීනය තම ණය මත ආරම්භ කළ උපායමාර්ගික වත්කම් ආපසු ගෙවීමක් ලෙස අත්පත් කර ගනී.

ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරාය මීට ප්‍රමුඛතම උදාහරණයක් ලෙස උපුටා දැක්විය හැක. ශ්‍රී ලංකාවට 2017 දී චීන ණය ගෙවීමට නොහැකි වූ අතර, වසර 99 කට වරාය චීනයට බදුදීමට ශ්‍රී ලංකාවට සිදු විය. මෙය ජාතික ස්වෛරීභාවය පිළිබඳ උත්සුකයන් මතු කළ අතර ණය මත යැපීමෙහි දිගුකාලීන ප්‍රතිවිපාක පිළිබඳ විවාද ඇතිකරවන ලද්දක් විය.

ඒ හා සමානව, නැගෙනහිර අප්‍රිකාවේ උපාය මාර්ගිකව පිහිටා ඇති රටක් වන ජිබුටිහී යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා චීන ණය ආපසු ගෙවීමට එරට අරගල කරන විට විවිධ අභියෝගවලට මුහුණ දුන්නේය. මෙය චීනය සිය පළමු විදේශීය හමුදා කඳවුර ජිබුටි හි ස්ථාපිත කිරීමට හේතු වූ අතර, කලාපය තුළ තම පැවැත්ම තවදුරටත් තහවුරු කර ගැනීමට එය චීනය අවස්ථාවක් කරගන්නා ලදී.

චීනයේ ණය උගුලට වැටීමේ අවදානම අවම කිරීම සඳහා, ණය ලබන රටවල්  සහ අන්තර්ජාතික ප්‍රජාව විකල්ප සහ ප්‍රතිචාර ගවේෂණය කිරීමට පටන් ගෙන තිබේ. විවිධාංගීකරණය වූ අරමුදල් ප්‍රභවයන් සෙවීම, වගකීම් සහගත ණය ගැනීම් සහ ණය දීමේ පිළිවෙත්වල නියැලීම සහ ව්‍යාපෘති ගිවිසුම්වල විනිවිදභාවය සහතික කිරීම චීනයේ බලපෑමට එරෙහිව තීරණාත්මක පියවර ලෙස සදහන් කළහැකිය.

ඒ අනුව ශ්‍රී ලංකාවට තමන් කෙරෙහි පවතින වගකීම් උපයෝගී කරගනිමින් චීනය මේ උත්සාහ කරමින් සිටින්නේ රටේ ස්වෛරීත්වය සහ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් මෙරටට පවතින අනුල්ලන්ඝනිය අයිතීන් බිඳදැමීමට බවට එල්ලවන චෝදනා එකවරටම බැහැර කිරීමේ හැකියාවක් නොමැත. ශ්‍රී ලංකා බලධාරින් නැවත නැවත ප්‍රතික්ෂේප කළද France 24 වැනි වේදිකාවන් වලදී අන්තරජාතික ප්‍රජාව දිගින් දිගටම ඒ ගැන ප්‍රශ්න නගන්නේ එම ගැටලුව ලොවට පෙනෙන්න්නට තිබෙන නිසාය

Tags: නවතම
Share69Tweet43
Previous Post

මිලියන 57ක බැංකු තැන්පතු ආරක්ෂා කරනවා… සේවක අර්ථසාධක අරමුදල්වලට අත තබන්නේ නැහැ!

Next Post

නව ගුවන් හමුදාපතිවරයා එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.