-
“සොනික් සොනික් “ ගැන හෙළි කරමින් පාස්කු ප්‍රහාරය ගැන විපක්ෂයේ සිට විශාල පෙරළියක් කළ මනුෂ අද කියන කතාව…
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් ෆෝ නාලිකාව හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් රජය පරීක්ෂණයක් හෝ අන්තර් ජාතික පරීක්ෂණයක් පැවැත්වීමට රජය සූදානම් බවත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ලෙස පත් කිරීමට මේ සැලසුම දියත් කළා නම් ඒ වකවානුවේ එම ඡන්ද ව්‍යාපාරය ප්‍රවර්ධනය කළ කාදිනල්වරයා එහි කොටස් කරුවෙක් බවත් අමාත්‍ය මනුෂ නානායක්කාර අද (05) පාර්ලිමේන්තුවේ දී කීවේය.
“සොනික්” “සොනික් “ නම ගැන ප්‍රශ්න කරමින් රජයේ බුද්ධි අංශ සහ පාස්කු ප්‍රහාරයේ සම්බන්ධය ගැන විපක්ෂයේ සිටිමින් දැඩිව ප්‍රශ්න කළ මනුෂ නානායක්කාර අද පාර්ලිමේන්තුවේ දී කතා කර ප්‍රකාශ කළේ මෙම වීඩියෝව එළියට එන්නේ ජනීවාහි මානව හිමිකම් මහා සමුළුව කැඳවන දින ආසන්නයේ වීම සැලකිය යුතු බවය.
එවැනි අවස්ථාවල චැනල් ෆෝ නාලිකාව වීඩියෝ නිකුත් කරන බවත් මනුෂ නානායක්කාර ඇමතිවරයා පෙන්වා දුන්නේය.
ඔහු පාර්ලිමේන්තුවේ දී මෙසේ ද පැවසුවේය.
අපි රජයක් විදිහට වගකීමෙන් කටයුතු කරනවා. අපි කැබිනට් මණ්ඩලය තීන්දු කළා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන්න. ඒ දැනුම්වත් කිරීම් ඉදිරියෙදි කරයි.
ඊට අමතරව ජාත්‍යාන්තර වශයෙනුත් අවශ්‍ය වෙනවා නම් ඒ සඳහා ඒ පරීක්ෂණ කටයුතු කරන්න රජයක් විදිහට ඒ ඉල්ලීම අපි ඊයේ දවසේ දී කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා කළා.”
ඒක ක්‍රියාත්මක කිරීමට කිසිසේත්ම පසුබට වන්නේ නෑ. නමුත් මට පුද්ගලිකව, ඇමති වරයෙක් විදිහට නෙමෙයි, විපක්ෂයේ ඉඳනුත් මේ කාරණාව මතු කළ පුද්ගලයෙක් විදිහට මේකෙ තියන මේ කාරණා මේ එන්නේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලය රැස්වන කාලෙට චැනල් ෆෝ නාලිකාවෙන් මේ වගේ වීඩියෝ නිරන්තරයෙන් එනවා.
මේ කාලය බලන්න. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය රැස් වෙන්න තියන කාලෙදි මේ වීඩියෝ එක එනවා. මේ වීඩියෝ එකේ තියන කරුණු පිළිබඳව අපි අනිවාර්යයෙන්ම අධ්‍යයනය කරන්න ඕන. මේ කියන වෙලාවෙ මෙහෙම සාකච්ඡාවක් තිබිලා තියන ද කියලා හොයන එක ගැන අපේ කිසිම ප්‍රශ්නයක් නෑ.
හැබැයි මේ කියන විදිහට සැලසුම තිබුණ විදිහට නම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඡන්දයෙන් පත් කරන්න සුරේෂ් සලේ මේ විදිහට ප්‍රකාශයක් කළා කියලා ඔය කියන මවුලවිවරයා කියන ප්‍රකාශය පදනම් කරගෙන කෙනෙක් මත කටයුතු කරනවා නම් , එහෙනම් කණගාටුයි කියන්න… ඒ සිද්ධියෙන් පස්සේ කාදිනල් උන්නාන්සේ උදේ පාන්දර ගිහින් ඡන්දය දෙන්න ගෝඨාභය රාජපක්ෂට කියලා කිව්වේ මූනේ අත ගහගෙන මේ සම්බන්ධයෙන් මතවාදයක් ගොඩනැගුවේ එහෙනම් මේ සියල්ලට ඔය අඬපු අය මේ ඉලෙක්ෂන් කැම්පේන් එකේ කොටස් කාරයො වෙන්න ඕන.