දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය චාමර සම්පත් දසනායකට එරෙහිව මහාධිකරණයේ අධි චෝදනා ගොනු කර ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව විසින් දැනුම් දුන් පස් මහේස්ත්‍රාත් අධිකරණයේ ඒ සම්බන්ධව පැවති නඩු කටයුත්ත අවසන් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම අද (23) නියෝග කළේය.
මෙම නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම විසින් අදාල දැන්වීම මහේස්ත්‍රාත්වරයා වෙත කරන ලදී.
ඒ අනුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩු කටයුත්ත අවසන් කළ මහේස්ත්‍රාත්වරයා මහාධිකරණය නොතීසියක් ලද විට අධිකරණයේ පෙනී සිටින ලෙස සැකකාර චාමර සම්පත් දසනායකට නියෝග කළේය.







